මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව හෙට (11) පෙ.ව 7.00 දක්වා බල පැවැත්වෙන පරිදි මුලු දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය 2022-05-12 වන බ්‍රහස්පතින්දා පෙ.ව 7.00 දක්වා දීර්ඝ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නැත.