27 April 2024
#දේශීය

නිදා සිටි ව්‍යාපාරිකයෙකු ඝාතනය කෙරේ… ඝාතකයා සොයා මෙහෙයුම්

කැළණිය, කොල්ලුවත්ත පිලපිටිය ප්‍රදේශයේ ඊයේ (10) අලුයම් කාලයේදී එම නිවසේ නිදා සිටි පුද්ගලයෙකු ඝාතනය කර දේපල කොල්ලකා ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 69 ක් වු කොල්ලුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මිය ගිය පුද්ගලයා ව්‍යාපාරිකයෙකු වන අතර නිවසේ නිදා සිටි අවස්ථාවේදී මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.

මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරිරාගාරයේ තැම්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය අද (11) දින සිදු කිරීමට නියමිතයි.

සැකකරු මෙතෙක් හදුනාගෙන නොමැති අතර අත්අඩංගුවට ගැනිම සඳහා කැළණිය පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *