කුරුණෑගල ඇතුගල මාර්ගයේ අසළ ගල් තලාවක මෘත ශරිරයක් තිබු බව පොලිසිය පවසයි.
කුරුණෑගල පොලිසිය පැවසුවේ ඊයේ (26) පස්වරුවේ අදාළ මෘත ශරීරය සම්බන්ධයෙන් පොලිසියට ලද පණිවිඩයකට අදාලව විමර්ශන ආරම්භ කර ඇත. මෘත ශරීරය සම්බන්ධයෙන් කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරික්ෂනය සිදු කරනු ඇත.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බව පොලිසිව පවසයි. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 35 ක් පමණ වු උස අඩි 05 අගල් 03 ක් උසැති පිරිමි පුද්ගලයෙකි.
සිහින් සිරුරක් හිමි තලෙළු කොණ්ඩය කොටට කපා ඇත. රතු සහ නිල් කොටු සහිත අත් දිග කමිසයක් සහ කළු පාට දිග කලිසමක් ඇඳ සිටි ඇති බව පොලිසිය පවසයි.
මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.