• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වත්මන් ආණ්ඩුවට මේ රට පාලනය කිරීමට කිසිසේත්ම යුක්ති සහගත හෝ සාධාරණ අයිතියක් නැහැ – ජවිපෙ අනුර

22 June 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වත්මන් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, කැබිනට් මණ්ඩලයට මේ රට පාලනය කිරීමට කිසිසේත්ම යුක්තිසහගත හෝ සාධාරණ අයිතියක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (22) එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී අනුර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේ අදහස් පල කලේය ” අද අපේ රටේ මතුවී තිබෙන බරපතළ ගැටලු විසඳීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බැවින් තවදුරටත් අපේ රට පාලනය කිරීම සඳහා ඔවුන්ට යුක්තිසහගත අයිතියක් නැහැ. ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව බලයට පත්වී පසුගිය අවුරුදු දෙකහමාර ඇතුළත කැබිනට් මණ්ඩල හතරක් හැදුවා. විටින් විට අමාත්‍ය ධුර වෙනස් කරමින් ඇමතිවරුන් පත් කළා. මුදල් අමාත්‍යාංශයට මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අලි සබ්රි, ගෝඨාභය රාජපක්ෂ සහ දැනට රනිල් වික්‍රමසිංහ පත්කර සිටිනවා. කෙටි කාලයක් තුළ මුදල් ඇමතිවරු පස්දෙනෙක් පත්කර තිබෙනවා. බලශක්ති ඇමති හැටියට උදය ගම්මන්පිල, පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණී ලොකුගේ, දැන් කාංචන විජේසේකර ඉන්නවා. අමාත්‍ය ධුර වෙනස් කරමින් අමාත්‍යාංශ වගකීම් වෙනස් කරමින් පිස්සාගේ පලා මල්ල වගේ රටක් හසුරුවන තැනට ක්‍රියාකරමින් ඉන්නවා. මේ නිසා කිසිදු අමාත්‍යාංශයක්, ආයතනයක් ඔවුන්ට පැවරී තිබෙන නිශ්චිත වගකීම් ඉටුකරන්න අසමත් වී තිබෙනවා. අධ්‍යාපන ඇමතිවරයාගේ වගකීම බවට පත්වී තිබෙන්නේ පාසල් වසා දැමීමයි. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වගකීම බවට පත්වී තිබෙන්නේ රෝහල්වලට ඖෂධ නැති තත්වයක් ඇති කිරීමයි. ඛනිජ තෙල් ඇමති ඉන්නවා තෙල් නැහැ. කෘෂි ඇමති ඉන්නවා පොහොර නැහැ. රාජ්‍ය පරිපාලන ඇමති ඉන්නවා. රාජ්‍ය සේවය වහලා.

තවදුරටත් මේ ජනාධිපතිවරයාට, මේ අගමැතිවරයාට, කැබිනට් මණ්ඩලයට මේ රට පාලනය කිරීමට කිසිසේත්ම යුක්තිසහගත හෝ සාධාරණ අයිතියක් නැහැ. තමන්ගේ මූලික අවශ්‍යතාව වන ආහාර වේල සපයා ගැනීමට ජනතාවට නොහැකියි. ආදායම් මාර්ග කඩා වැටිලා. දුවා දරුවන්ගේ අනාගතය පිළිබඳව අපේක්ෂාභංගත්වයක් තිබෙනවා. කිසිම වගවීමක් නැති, මැදිහත් වීමක් නැති, හැඟීමක් නැති ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙක් රට පාලනය කරනවා. මේ ජනාධිපතිවරයාට, මේ අගමැතිවරයාට අපේ මාතෘ භූමියේ පාලනයත් මේ රටේ ජනතාවගේ පාලනයත් සඳහා යුක්තිසහගත අයිතියක් නැහැ. විවිධ දේශපාලන ව්‍යාපාරවලට සම්බන්ධ ජනතාව දේශපාලන ව්‍යාපාරවලට ඍජුව සම්බන්ධ නැති පොදු පුරවැසියන් පාරට ඇවිත් කෑගහලා ගෙදර යන්න කියලා කීවා. කෙටි කාලයකට බංකරේක සැඟවී සිටි අගමැතිවරයා දැන් එළියට ඇවිත් සුපුරුදු සෙල්ලම පටන්ගෙන තිබෙනවා. ජනතාව කෑ ගහලා කීවේ මේ ආණ්ඩුව කෙරෙහි පැනනගිමින් තිබුණු කෝපය සහ විරෝධයයි. එම විරෝධයෙන් රාජපක්ෂ පවුලත් ආණ්ඩුවත් බේරා ගන්න ‘බොඩි ආමර්’ එකක් වගේ රනිල් වික්‍රමසිංහ ක්‍රියා කළා. ඒ හැර රටේ ජනතාව මුහුණ දෙමින් තිබුණු ප්‍රශ්නවලට පිළිතුරු ඔහුට නොතිබුණු බව දැන් හරිම පැහැදිලියි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ යනු රාජපක්ෂ පාලනයේ ‘බොඩි ආමර්’ එක වී සිටිනවා.

දැන් ඇතිවී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවේ වාඩිවෙන විට තිබුණාට වඩා දැඩි ව්‍යසනකාරී තත්වයක්. පාසල් විශාල ප්‍රමාණයක් වසා දමා දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටී, රෝහල්වල දරුවන් මිය යන, පෝලිම්වල පුරවැසියන් මිය යන, ඉදිකිරීම් කර්මාන්තය මුළුමනින්ම කඩා වැටුණු, රැකියා අහිමි වන තත්වයක් ඇති වී තිබෙනවා. ඒ නිසා තවදුරටත් රනිල් වික්‍රමසිංහට, ගෝඨාභය රාජපක්ෂට සහ මේ ආණ්ඩුවට ජනතාවගේ වගකීම් ඉසිලීමේ කිසිදු අයිතියක් නැහැ. ඒ නිසා ඔවුන් බලය අත්හැර යන්න ඕනෑ. පසුගිය කාලයේ ජනතාවගෙන් පැනනැගුණු විරෝධය අලුත් වටයකින් උත්සන්න කර, මේ විනාශකාරී පාලකයන් පලවා හැරීමට සිදුවී තිබෙනවා. ඒ සඳහා දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපේ මැදිහත්වීම, අපේ දායකත්වය සහ නායකත්වය ලබා දෙන්න අපි ලැහැස්තියි. මේ සඳහා දිස්ත්‍රික්ක කේන්ද්‍රගත කරගනිමින් ජන පෙළගැස්ම විරෝධ ව්‍යාපාරය අපි ආරම්භ කරනවා. ආණ්ඩුව පළවා හරින තුරු ජනතාව පාරට බහින්න ඕනෑ. මේ වන විටත් දිස්ත්‍රික්ක ගණනාවක, නගර ගණනාවක උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කර තිබෙනවා. අපිට අනුබද්ධ වෘත්තීය සමිති ව්‍යාපාරය 23 වැනිදා සිට ඊට අදාළ ක්‍රියාමාර්ග උත්සන්න කරනවා.

දේශපාලන ව්‍යාපාරයක් හැටියට එළඹෙන 26 වැනිදා අනුරාධපුර නගරයේද 27 වැනිදා කුරුණෑගලද, 28 මාතරද, 29 කළුතරද, 01 වැනිදා අම්බලන්තොටද වශයෙන් ප්‍රධාන නගර ගණනාවක් කේන්ද්‍රගත කරගෙන අපේ උද්ඝෝෂණ විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. රටේ අනෙකුත් නගරවලද මේ උද්ඝෝෂණය ඉදිරියට ගෙනයන්න කටයුතු කරනවා. අපි මේ පියවර තබන්නේ ආපසු හැරෙන්න නොවෙයි. රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව මේ දක්වා අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිමාවට පත්කර අපේ දුවා දරුවන් සඳහා නව රටක් බිහිකිරීමේ පාලනයක් වෙනුවෙන් උද්ඝෝෂණ ව්‍යාපාර ගෙනයන්න සැලසුම් කර තිබෙනවා. මේ වෙනුවෙන් 26 වැනිදා අනුරාධපුරයෙන් පටන්ගෙන රට පුරා පවත්වන විරෝධතාවලට ආසන්න නගරයේදී පාරට එන්න කියලා සියලු ජනතාවන්ට අපි ආරාධනා කරනවා. දූෂිත වළල්ලක් විසින් අපේ රටට ඇති කර තිබෙන දරුණු අනිටු ප්‍රතිවිපාකවලට අපේ රටේ පුරවැසියන් ගොදුරු විය යුතු නැහැ. පෝලිම්වල සිට පුරවැසියන් මිය යන්නේ ඔවුන් කළ වරදක් නිසා නොවෙයි. පෝලිම්වල ඉන්න කිසිකෙනෙක් මේ වැරැද්දට දායක වී නැහැ. ඒ නිසා පෝලිම්වල ඉඳලා මිය යන තත්වයට එරෙහිව ජන පෙළගැස්ම තුළින් ඔබ ඔබගේ ආසන්නම නගරයෙන් පාරට බහින්න.

පෝලිම්වල මිය යන, කුඹුරට ගිහින් ඒ දිහා බලාගෙන හූල්ලන, ඖෂධ නැතිව වේදනා විඳින කිසිකෙනෙක් මේ තත්වයට වගකිවයුත්තන් නොවේ. ඔවුන් මේ තත්වයට පත්වී තිබෙන්නේ මහජන දේපළ හොරකම් කිරීමෙන් හෝ අකාර්යක්ෂමතාවයෙන් හෝ වැඩ නොකර සිටීමෙන් නොවේ. ඒ නිසා මේ තත්වයට පුරවැසියන් කිසිසේත්ම වගකියන්න ඕනෑ නැහැ. මේ තත්වයට වගකියන්න ඕනෑ පසුගිය දශක හතක් තුළ රට පාලනය කළ අය සහ ඔවුන්ට සම්බන්ධ චෞර වළල්ලයි. ඔවුන්ට මේ ප්‍රතිවිපාක කිසිවක් දැනෙන්නේ නැහැ. 21 වැනිදා රනිල් වික්‍රමසිංහ කූලර් හයිකරගෙන යෝගා කළා. ව්‍යායාම කරනකොටත් කූලර් හයිකරගෙන ඉන්නවා නම් කාමරවල ඉන්නකොට කොහොම ඇත්ද? මේ වගේ නායකයන් සියලු අර්බුදවලට මුළුමනින්ම වගකියන්න ඕනෑ. අපේ රටේ දරුවාගේ සිට වැඩිහිටි මහල්ලා දක්වා මුහුණ දී තිබෙන අර්බුදයේ වගකිවයුත්තන් මේ රටේ පාලකයනුයි. ඔවුන් කිසිසේත්ම මේ අර්බුදයේ ගොදුරු බවට පත්වී නැහැ. ගොදුරු බවට පත්වී තිබෙන්නේ මේ සඳහා වගකිව යුතු නැති සාමාන්‍ය පොදු ජනතාවයි. මේ අයුක්තිය, අසාධාරණය, දූෂණය, විනාශකාරී දේශපාලනය සහ මේ විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් නිහඬව සිට පළක් නැහැ. එයට විරුද්ධව නැගී සිට මේ පාලනය පලවා හරිමු. නව රටක් ගොඩනඟමු. නව ආර්ථික ප්‍රතිපත්තියකට, නව ආර්ථික සංස්කෘතියකට අපි පෙළගැසෙමු. ඒ පණිවුඩය ගම්දනව් පුරා ගෙනයමින් අපේ රටේ සියලු පුරවැසියන් සංවිධානය කරනවා. යැයි දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 2
Previous Post

INSEE සිමෙන්ති මෙරට රක්තහීනතාවෙන් පෙළෙන වකුගඩු රෝගීන් සඳහා EPO එන්නත් 10,000ක් පරිත්‍යාග කරයි

Next Post

ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට බල නොපාන පරිදි රාජ්‍ය නිලධාරීන්ට දේශීය / විදේශීය වැටුප් රහිත නිවාඩු

editor

editor

Next Post

ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට බල නොපාන පරිදි රාජ්‍ය නිලධාරීන්ට දේශීය / විදේශීය වැටුප් රහිත නිවාඩු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved