ශ්‍රී ලංකාවට අලුතින් පත් වූ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා අද (16) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.
ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු සහ සයිබර් ආරක්ෂක අමාත්‍ය ක්ලෙයාර් ඕ’ නීල් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට පහසුකම් සැලසීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය කළ කාර්යභාරය පිළිබඳව ඔස්ට්‍රේලියානු රජය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා කෘතඥතාව පළ කළේය.
ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම, පුහුණු අවස්ථා සහ ඒකාබද්ධ නාවික අභ්‍යාස පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර සහ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් ඉයන් කේන් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.