• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය ලබන සතියේ රැස්වෙයි

16 September 2022
in දේශීය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය ලබන 21 වැනිදා රැස්වීමට නියමිතව බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය පවසයි. එය ශ්‍රී ලංකාවේ දරුවන්ට යහපත් හෙට දවසක් උදාකර දීම සඳහා අදාළ අමාත්‍යාංශ හා වෙනත් ආයතන සම්බන්ධ කර ගනිමින් රටේ දරුවන් සම්බන්ධ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා පිහිටුවා තිබේ.

දරුවන්ගේ යහපැවැත්ම උදෙසා ප්‍රතිපත්ති වෙනස් කිරීම් හෝ නව ප්‍රතිපත්ති හඳුන්වාදීම සහ සියලුම දරුවන්ගේ යහපැවැත්මට අදාළ ප්‍රතිපත්ති නිතිපතා සමාලෝචනය කිරීම සහ සංශෝධනය කිරීම, ළමුන් සඳහා වැඩ කරන විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ නියෝජිතායතන සමඟ සම්බන්ධීකරණය කිරීම මෙන්ම දරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව රාජ්‍ය ආයතනවල සහ මහජනතාවගේ වැඩි අවධානයක් යොමු කිරීමද මෙම සංසදයේ මූලික අරමුණු වේ.

එයට අමතරව ළමා අයිතිවාසිකම් හා සම්බන්ධ අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමට සහ නීතිය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීමට ළමුන් සම්බන්ධයෙන් පවතින නීති සමාලෝචනය කිරීම සහ සංශෝධනය කිරීම, අවශ්‍ය අයවැය ප්‍රතිපාදන වැඩි කිරීම වෙනුවෙන් පෙනී සිටීම, දරුවන්ගේ අයිතීන් ක්‍රියාත්මක කිරීම සහ එමගින් ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම හා සම්බන්ධ අභියෝගවලට මුහුණ දීම සඳහා රජයේ, සිවිල් සමාජයේ සහ ව්‍යාපාරික ප්‍රජාවේ සම්පත් එක් කර ගැනීමටද සංසදය අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකාවේ සමස්ත ළමා ජනගහනයට ගුණාත්මක මුල් ළමාවිය, ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය, ප්‍රමාණවත් සෞඛ්‍ය රැකවරණයක් සහ ප්‍රචණ්ඩත්වය, අපයෝජනය, නොසලකා හැරීම් සහ සූරාකෑම් වලින් ආරක්ෂා වී මනා පෝෂණයක් ලබා ගැනීමට ඇති ප්‍රවේශය සහතික කිරීම සඳහා ඔවුන්ට බලපාන තීරණවලට සහභාගී වීමට අවස්ථාව තහවුරු කිරීම සහ භේදයකින් තොරව සහ සමානව සෑම දරුවෙකුගේම පූර්ණ හැකියාවන් වර්ධනය කිරීමට දායක වීමද සංසදයේ ප්‍රධාන කාර්යයන් අතර වේ.

ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය, පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතිත්වයෙන් හත්වන පාර්ලිමේන්තුවේදී පිහිටුවන ලද අතර, අටවැනි පාර්ලිමේන්තුව සඳහා 2015 දෙසැම්බර් 03 දින නැවත ස්ථාපිත කරන ලදී. ඉහත සංසදය නවවැනි පාර්ලිමේන්තුව සඳහා ආරම්භ කෙරෙනුයේ ප්‍රථම වතාවටයි.

Post Views: 20
Previous Post

නව විදේශ තානාපතිවරු දෙදෙනෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති

Next Post

නව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

editor

editor

Next Post

නව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔබේ ලේ බිඳුවකින් තවත් ජීවිතයකට හුස්මක් දෙන්න අද පානදුරේ ලේ දන් දීමේ පිංකමට ඔබත් එන්න!

ඔබේ ලේ බිඳුවකින් තවත් ජීවිතයකට හුස්මක් දෙන්න අද පානදුරේ ලේ දන් දීමේ පිංකමට ඔබත් එන්න!

17 October 2026
පොලිස් නිලධාරියාගේ කාර් එක මහියංගණයේදී බස් රථයේ හැප්පෙයි දෙදෙනෙක් රෝහලට

පොලිස් නිලධාරියාගේ කාර් එක මහියංගණයේදී බස් රථයේ හැප්පෙයි දෙදෙනෙක් රෝහලට

17 October 2026
නීති විරෝධී මත්පැන් ලීටර් 75ක් සමඟ 46 හැවිරිදි සැකකරු බඩෝවිටදි අත්අඩංගුවට

පුත්තලම පෙරියපාඩු වෙරළේදී බීඩි හදන්න ගෙනා බීඩි කොළ කිලෝ 125ක් මාට්ටු!

17 October 2026
නීති විරෝධී මත්පැන් ලීටර් 75ක් සමඟ 46 හැවිරිදි සැකකරු බඩෝවිටදි අත්අඩංගුවට

නීති විරෝධී මත්පැන් ලීටර් 75ක් සමඟ 46 හැවිරිදි සැකකරු බඩෝවිටදි අත්අඩංගුවට

17 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට  විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය පොලීසියෙන් භාර දෙයි!

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය පොලීසියෙන් භාර දෙයි!

16 October 2026
අද රන් මිල ගණන් මෙන්න!

අද රන් මිල ගණන් මෙන්න!

16 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved