• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෝලීය දේශපාලන ප්‍රවණතා ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර කරයි – ජනපති

29 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කෝවිඩ් වසංගතය මෙන්ම යුක්‍රේන යුද්ධය හේතුවෙන් නිර්මාණය කරන ලද ගෝලීය ආර්ථික අස්ථාවරත්වයේ අහිතකර ප්‍රතිවිපාක වන ආහාර, ඉන්ධන සහ පොහොර මිල අධික ලෙස ඉහළ නැගීම දරාගත නොහැකි තත්ත්වයක් නිර්මාණය කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ගෝලීය දේශපාලන ප්‍රවණතා එම ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර කර ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පිලිපීනයේ, මැනිලා නුවර ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ දි අද (29) පෙරවරුවේ පැවැත්වුණු ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ 55 වන වාර්ෂික රැස්වීමේ ප්‍රධාන සැසිය අමතමිනි.

එහි මුලසුන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හොඹවනු ලැබීය. පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර්. මාකෝස් -කණිෂ්ඨ (Ferdinand R.Marcos, Jr. ) සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා (Masatsugu Asakawa) මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම රැස්වීමට සාමාජික රටවල මහ බැංකු අධිපතිවරු එක්ව සිටියහ.

මෙම රැස්වීම ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඉහළ ගිය ආහාර සහ බලශක්ති මිල ගණන් මධ්‍යම පන්තියේ වර්ධනය පහත හෙළීමට තුඩු දෙන අතර ඉන්දියන් සාගර කලාපයේ අවදානමට ලක්විය හැකි ප්‍රජාව තවදුරටත් අනාරක්ෂිත භාවයට හේතු වී තිබෙන බවයි.

විශාල ආර්ථික පීඩනයක් මධ්‍යයේ, ශ්‍රී ලංකාව රටේ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ පෙර නොවූ විරූ මූල්‍ය ප්‍රයත්නයක් දරන බවත්, ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ මෙම ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාවේ ණය හිමියන් සහ සියලු පාර්ශ්වකරුවන් සහාය දක්වනු ඇතැයි අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාව මෙම ගැඹුරු හා පීඩාකාරී ප්‍රතිසංස්කරණයන් සිදුකරන අතරම ඉහළ යන විරැකියාව සහ මිලදී ගැනීමේ හැකියාව අඩුවීම අත්විඳිමින් සිටින බවත්, කෙසේ වෙතත් සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි සාමාජිකයන්ට සිදුවන අහිතකර බලපෑම් පිළිබඳ රජය දැනුවත් අතර ඒ අනුව සමාජ ආරක්ෂණය සඳහා වැඩි මූල්‍ය ප්‍රතිපාදන සහ සම්පත් වෙන් කිරීමට සෑම උත්සාහයක්ම ගෙන ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ලෝකය පුරා සහ විශේෂයෙන් ආසියානු කලාපයේ ආර්ථික හා මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ණය හිමියන් සහ ණයගැතියන් සමානාත්මතාවයෙන් හා සාමූහිකව කටයුතු කළ යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය

ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ 55 වන වාර්ෂික රැස්වීම සැප්තැම්බර් 26 වනදා ආසියනු සංවර්ධන බැංකු මුලස්ථානයේ දී ආරම්භ කෙරුණු අතර එය සැප්තැම්බර් 30 වනදා දක්වා පැවැත්වෙයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ෂොබිනි ගුණසේකර යන මහත්ම මහත්මිහු සහ ශ්‍රී ලංකා දූත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ 55 වන වාර්ෂික රැස්වීමට සහභාගීවී සිටින සාමාජික රටවල මහබැංකු අධිපතිවරු වෙනුවෙන් පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර්.මාකෝස්-කණිෂ්ඨ මහතා විසින් පිරිනැමූ දිවා භෝජන සංග්‍රහයට ද විශේෂ ආරාධිතයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.

Post Views: 25
Previous Post

බෙල්වුඩ් සෞන්දර් නිකේතනය නිරික්ෂණයට රාජ්‍ය ඇමති රෝහණ යයි

Next Post

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාතිපති සහ මහජන ආරක්ෂක ඇමැති අතර හමුවක්

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාතිපති සහ මහජන ආරක්ෂක ඇමැති අතර හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved