27 April 2024
#දේශීය

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාතිපති සහ මහජන ආරක්ෂක ඇමැති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවටු මහතා පසුගිය 26වනදා දින සුහද හමුවක් සඳහා මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා හමුවීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැවැත්විණි. 

මෙරට 46 දෙනෙක් නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස ප්‍රංශයේ දූපත් වලට ඇතුලුවීමට උත්සහා කරන අවස්ථාවේදී අත්අඩංගුවට පත්ව සිටින බවත් ඔවුන් හැකි ඉක්මනින් නැවත ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරමින් සිටින බව එරික් ලැවටු මහතා එහිදී පැවසිය.

තවදුරටත් ශ්‍රී ලාංකිකයන් නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස ප්‍රංශයට පැමිණීම වැලැක්වීම සඳහා පොලිසියත්,ආගමන විගමන දෙපාර්තුමේන්තුවත් ප්‍රංශ තානාපති කාර්යාලයත් එක්ව දැනුවත් කිරීමේ වැඩමුළුවක් ප්‍රංශයට අයත් දූපත්වල පැවැත්වීමට සංවිධානය කරමින් පවතින බවද ටිරාන් අලස් මහතාට සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකාවේ ළමා හා කාන්තාවන් වෙනුවෙන් සිදුවන ආසාධාරණයන් වැලැක්වීමෙ අරමුණින් ශ්‍රී ලංකා පොලිසියත් ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයත් එක්ව වැඩමුළුවක් සංවිධානය කිරීමට මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හා එරික් ලැවටූ මහතා එකඟතාව ප්‍රකාශ කෙරිණි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *