නීතියට පිටුපා ඇතැම් මධ්‍යසාර නිෂ්පාදකයන් විසින් ම මධ්‍යසාර අලෙවිසැල් පවත්වාගෙන යාම සහ එමගින් රජයට අය විය යුතු බදු මුදල් අහිමි වීම පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබේ.
ප්‍රමිතියෙන් තොර මධ්‍යසාර සමාජ ගත වීමේ අවදානම සහ ඇතැම් මධ්‍යසාර නිෂ්පාදකයන් වෙනත් ව්‍යාපාර නාම යටතේ සහ ඥාතීන්ගේ හිමිකාරීත්වය යටතේ අලෙවිසැල් පවත්වාගෙන යාම පිළිබඳ අද (19) මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.
මීට අමතරව බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් අලෙවිසැල් පවත්වාගෙන යාම පිළිබඳවද අමාත්‍යවරයාගේ අවධානය යොමු වි ඇති අතර බලපත්‍රලාභියකුට පවත්වාගෙන යා හැක්කේ අලෙවිසැල් තුනක් පමණක් වන අතර දිස්ත්‍රික්කයක් තුළ පවත්වාගෙන යා හැක්කේ අලෙවිසැල් දෙකක් පමණි.
එහෙත් ඇතැම් බලපත්‍රලාභීන් විවිධ උපක්‍රම භාවිත කරමින් එම සීමා උල්ලංඝනය කරන බව මෙහි දී අනාවරණ විය.
ඒ අනුව මේ සියලු කරුණු සම්බන්ධයෙන් මසක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා වෙත උපදෙස් ලබා දුන්නේ ය. මෙම තත්ත්වයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පවතින සුරා බදු පනතටි ප්‍රතිපාදන එක් විය යුතු නම් එලඹෙන සුරාබදු පනත් සංශෝධනයේ දී ඊට අවශ්‍ය පියවර ගැනීමට සූදානම් බව ද සියඹලාපිටිය මහතා පැවැසීය.