මාතලේ විල්ගමුව වෙහෙරගල ඓතිහාසික පුරාණ රාජමහ විහාරයේ පැරණි ස්තූපයේ පුරාවිද්‍යා කැණීම් කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නිදන් සොරුන්ගේ ග්‍රහණයට නතුව බොහෝමයක් පුරාවිද්‍යාත්මක සාධක විනාශ වී ඇත. ස්තූපයේ ධාතු ගර්භය ද ඒ අතර වේ. දළ වශයෙන් පැත්තක් අඩි 50 පමණ වන චතුරස්රාකාර මලුවක් මත ගොඩ නගා ඇති ස්තූපය විශ්කම්භය අඩි40 ක් පමණ වේ.
ගඩොලින් නිමවා ඇති මෙහි බොරදම් සහිත අලංකාර පේසාවලලු දැක ගත හැකිය. චත්‍ර සහිත ස්තූපයක් වන මෙහි අනුරාධපුර යුගයේ නිර්මාණ ලක්ෂණ පිළිබිඹු වේ. පළිගු කරඩු අවශේෂ, මැටි කොත්, කැටයම් ගඩොල්, පැතලි උලු කැබලි හමුවන පුරාවස්තු අතර වේ. අඩි 6 ක් පමණ උසින් යුත් කොටසක් ස්තූපයේ ගර්භය තුළින් ශේෂ වී ඇත. ස්තූප මලුවෙහි එක් පැත්තක පමණක් කැණීම් සිදු වන අතර, සෙසු කොටස් හි වැඩ අවසන් කර ඇති බව පුරා විද්‍යා නිලධාරිහු පවසයි.
මෙම පුරාවිද්‍යා කැණිම, කැණීම් නිලධාරි උපාලි ජයසිංහ . පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි පාලිත අත්තනායක යන මහත්වරුන් විසින් මෙහෙයවන අතර, මධ්‍යම පළාත් පුරාවිද්‍යා සහකාර අධ්යක්ෂ, කැණීම් කෞතුකාගාර නිලධාරිණිය ගේ අධීක්ෂණය මත විහාරාධිපති හිමියන් හා දායක සභාවේ පූර්ණ අනුග්‍රහය මත මෙම කටයුතු සිදු කෙරේ.
(මාතලේ මහේෂ් කිර්තිරත්න