• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනතා පැතුම වන්නේ විප්ලවීය අධ්‍යාපන පරිවර්තනයි – ඇමැති සුසිල්

3 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බහුතර ජනතා පැතුම වන පවත්නා ක්‍රමයෙහි වෙනස, විප්ලවීය අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමය ඔස්සේ සිදු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ නව වසරට සුබ පතමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවක පිරිස හමුවේදිය.

වගකිව යුතු පරිපාලන ධුර හෙබවූ නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවයේ විශාල පිරිසක් වාර්තාගත ලෙස පසුගිය සිකුරාදා එක වර විශ්‍රාම යෑමෙන් අනතුරු ව ඒ පුරප්පාඩු පුරවමින් අද සඳුදා දින වැඩ භාර ගත් නව නිලධාරීන් සමග 2023 නව වර්ෂයට පිවිසෙද්දී පෙර වර්ෂයේ ඉතිරි වූ ගැටලු මෙන් ම දේශගුණික විපර්යාස වැනි නව අභියෝග ද ජයගනිමින් කටයුතු කල යුතු බව හෙතෙම පැවසිය.

මේ වන විට ලෝකය ම පොදු දේශගුණික විපර්යාසයන්ට අහිතකර අන්දමින් නිරාවරණය වෙමින් සිටීමේ අභියෝගයට තීරණාත්මක ලෙස මුහුණ දීමට සිදු ව තිබෙන අතර වර්තමානයේ බොහෝ රටවල් මුහුණ දී සිටින අධික ශීත කාලගුණ තත්වය වෙනස් වී ඉදිරියේ දී එහි ප්‍රතිවිරුද්ධ දේශගුණ විපර්යාසයකට වුව මුහුණ පෑමට අපට සිදු විය හැකි බව පැවසූ අමාත්‍යවරයා අනිකුත් ගෝලීය ගැටලු හා අභියෝග මධ්‍යයේ වුව අධ්‍යාපන පරිවර්තනීය වෙනස සිදු කිරීමේ අත්‍යවශ්‍යභාවය පැහැදිලි කළේ ය.

එම පරිවර්තනය, හුදෙක් පුද්ගල මාරුවකට පමණක් සීමා නොවී අපට දැරිය හැකි මට්ටමේ වෙනස්කම් සහිත පරිපාලන ව්‍යුහය තුළින් ම ඇරඹෙන ප්‍රායෝගික වූවක් විය යුතු බවත් සාමාන්‍ය පෙළ, උසස් පෙළ ආදි විභාග පැවැත්වීම වැනි අනෙකුත් අධ්‍යාපන කාර්යන් අතරතුර ම එය සිදු කරමින් අඛණ්ඩ ව ඉදිරියට ගලා යා යුතු බවත් අමාත්‍යවරයා පැවසී ය.

නව රාජකාරි ලයිස්තු සමගින් කැපවීමෙන් රාජකාරි ආරම්භ කළ යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, දරුවන්ගේ පමණක් කාර්ය සාධනය මැනීම කිසි සේත් ප්‍රමාණවත් නොවන අතර නිලධාරීන්ගේ මෙන් ම දේශපාලනඥයන්ගේ පවා කාර්ය සාධනය මැන බැලීම රටක දියුණුවේ අනිවාර්ය සාධකයක් බවත් මෙහි දී අවධාරණය කළේ ය.

පන්ති කාමරයට යන ගුරුවරයාගේ ගුණාත්මකභාවය පිළිබඳ සිසුන් හා දෙමාපියන් තුළ විශ්වාසයක් ජනිත කරවීමට සමත් වීම හරහා සිසුන්ගේ පාසල් පැමිණීම ප්‍රවර්ධනය කිරීම තුළ සැමට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට යොමු වීම ඉතා වැදගත් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසී ය.

2024 වර්ෂය ආරම්භ වන විට 2023 වර්ෂය දෙස ආපසු හැරී බලා සතුටු විය හැකි වන ලෙස සියලු දෙනා එක් ව කැපවීමෙන් පැවති ක්‍රමයට වඩා වෙනස් ව වැඩ කර අනාගත දරු පරපුරට එහි ප්‍රතිලාභ උරුම කර දිය යුතු බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

Post Views: 2
Previous Post

කුමන ආර්ථික අභියෝග හමුවේ වුවද සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටීමට දෙන්නේ නැහැ – සෞඛ්‍ය ඇමති

Next Post

විදෙස්ගත ශ්‍රමිකයින්ට සහන සලසන හා සේවා සපයන වසරක් වේවා – ඇමති මනුෂ

editor

editor

Next Post

විදෙස්ගත ශ්‍රමිකයින්ට සහන සලසන හා සේවා සපයන වසරක් වේවා - ඇමති මනුෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෙළදසැලේ ඇති වූ මහා ගින්නෙන් පුද්ගලයන් 60ක් මිය ගිහින්

වෙළදසැලේ ඇති වූ මහා ගින්නෙන් පුද්ගලයන් 60ක් මිය ගිහින්

17 July 2025
කුඹුරකට විසි වූ දරු සෙනෙහස

කුඹුරකට විසි වූ දරු සෙනෙහස

17 July 2025
TikTok සමාගමෙන් අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට සහාය

TikTok සමාගමෙන් අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට සහාය

17 July 2025
ජාතික පුරවැසි පක්ෂ රැලියට මැර පිරිස් පහර දෙයි – තිදෙනෙක් මරුට

ජාතික පුරවැසි පක්ෂ රැලියට මැර පිරිස් පහර දෙයි – තිදෙනෙක් මරුට

17 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෙළදසැලේ ඇති වූ මහා ගින්නෙන් පුද්ගලයන් 60ක් මිය ගිහින්

වෙළදසැලේ ඇති වූ මහා ගින්නෙන් පුද්ගලයන් 60ක් මිය ගිහින්

17 July 2025
කුඹුරකට විසි වූ දරු සෙනෙහස

කුඹුරකට විසි වූ දරු සෙනෙහස

17 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved