කහටගස්දිගිලිය, නෙකුටුවැව ප්‍රදේශයේදී ඊයේ (14) අනාරක්ෂිත ළිඳකට වැටි ළමයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
මිය ගිය දරුවා වයස අවුරුදු 16 පිරිමි දරුවෙක් වු නෙකුටුවැව ප්‍ර දේශයේ පදිංචිව සිටි අයෙකි.
මෙම පිරිමි ළමයා තවත් ළමුන් පිරිසක් සමඟ නිවස ආසන්නයේ අවුරුදු ක්‍රීඩා කරමින් සිටියදී ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ අනාරක්ෂිතව තිබු ජලය පිරි ළිඳකට වැටී මිය ගොස් ඇති බව පොලිසිය කල මුළික විමර්ශනවලදී අනාවරණ වී ඇත.
මෘත දේහය කහටගස්දිගිලිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධව කහටගස්දිගිලිය පොලිසිය වැඩිදුර විමර්ශය සිදු කරනු ඇත.