27 April 2024
#දේශීය

වැඩි වු රිලවුන් ගහණය වෙනත් රටක වනෝද්‍යානයකට රැගෙන යාම කාලෝචිත තීරණයක් – පරිසරවේදී ගාමිණි

විද්‍යාත්මක හා ස්වභාවිකව පාලනය කර ගත නොහැකි මට්ටමට රිලා ගහනය වැඩිවි ඇති බවත් ඒ තුළ රිලවුන් මෙරටින් වෙනත් රටක වනෝද්‍යානයකට රැගෙන යාම සදහා ගෙන ඇති තිරණය කාලෝචිත බව ග්‍රාම අභිවෘද්ධී පරිසර සංරක්ෂණ පදනෙම් අධ්‍යක්ෂ පරිසරවේදි ගාමිණි ජයතිස්ස මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කළේ මාතලේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු ගාමිණි ජයතිස්ස මහතා “ මෙය කළමණාකරණ මට්ටමේ තිරණයක් විය යුතුයි.අපි පිළිගන්න ඕන කාරණය තමයි මේ රිලවුන් නිසා අපේ රටේ භුමි පරිහරණ රටාවත් සමග වන සතුන්ගේ කළමණකරණවලට බරපතල ගැටලුකාරි තත්වයන්ට පත්වෙලා.භූමි පරිහරණ රටාවට අපට ලඝු කරන්න බැරිනම් .අපි ඒකට එකග නැත්නම් රාජ්‍ය ප්‍රතිපත්තිසහ පුද්ගල මනෝභෘවයන් එක්ක.මේ තිරණයන් ගන්න ඕන.මේකට අපි මේකට උත්තරයක් සෙවිය යුතුයි.මේවාට උත්තර සෙවිමේදි අපි මධ්‍යස්ථව සිතිය යුතුයි.අන්තයකට නොයා යුතුයි.එසේ ගියහොත් එය නොපෙනි යනවා.වනසත්ව කළමණාකරණය පිළිබදව අපි පරිසරවේදින් විදහට අවුරුදු 15ක් 29ක් තිස්සේ කතා කරනවා.නමුත් ඒවාට බලධාරින් නිසිලෙස ඇහුම්කන් දුන්නේ නැහැ.මේවා මහපොලෙවේ යාතාර්ථයක් බවට පත් කරගන්න තරම් හැකියාවක් ලැබුණේ නැහැ.සමහර තැන්වල මේ රිලවුන් පලවා හැරිමට යම් යම් කණ්ඩායම් යොදවා කටයුතු කරන විට ඇතැම් ආගමික නායකයින් සහ වෙනත් උදවිය ඒ පිරිස්වලට තර්ජනය කරනවා.ඒ අය පළවා හැරිමට කටයුතු කරනවා.එය එසේ නොවිය යුතුයි.ගමේ ඉන්න අය මුලිකත්වය ගත යුතුයි.මේක විද්‍යාමත්ක වෙන්න ඕන,පවතින නිති සහ පවතින ආගමික මතවාදයන්ට වඩා පවතින කේන්ද්‍රිය ගැටලුව වැදගත් යැයිද ජයතිස්ස මහතා පැවසිය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *