වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ධුරයේ මාස 11 කට කාලයක් කටයුතු කරන තමාට රටේ සංවර්ධනයට අවශ්‍ය කටයුතු සිදු කිරීමට අවස්ථාවක් ලබා නොදෙන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි.
ඒ මහතා අද (22) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ තමා මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් රැසකට මෙම තත්ත්වය උදා වී ඇති බවයි.
මේ වන විට වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යංශය පිහිටි ලෝක වෙලෙඳ මධ්‍යස්ථානයේ බටහිර කලුනේ 25 වන මහලේ පැවැත්වෙන කාර්යාලය වෙනුවෙන් ලක්ෂ 80 ක හිඟ මුදලක් ගෙවීමට සිදුව ඇති බවත් ඒ් සම්බන්ධයෙන් තමන් විසින් අමාත්‍යංශයට දැනුම් දීමක් සිදු කල ද එයට ද මෙතෙක් නිසි මැදිහත් වීමක් සිදු කර නොමැති බව හෙතෙම පැවසිය.
කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ තමා විසින් විෂයභාර අමාත්‍යවරයා මෙන්ම අමාත්‍යංශ ලේකම්වරයාට මෙම කාර්යාලය පිහිටි ස්ථානයට වැය කරන මුදල සම්බන්ධයෙන් තමාගේ අකමැත්ත පල කර ඇති අතර මෙම කාර්යාලය වරාය පරිශ්‍රයේ පැවැත්වීමට කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටි බවයි.
රටේ පවතින ආර්ථික අර්බුද හමුවේ ලක්ෂ ගණනින් බදු ගෙවා කාර්යාලවල සිටිමිට තමාට අවශ්‍ය නොවන බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කලේය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හා තමාගේ රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු වල කිසිදු කාර්යයක් තමාගෙන් ලබා ගැනීමට කැබිනට් අමාත්‍යවරයා කටයුතු නොකර බව දන්වමින් ජනාධිපතිවරයාට පැවසු බව ද ජයසේකර මහතා මෙහිදී කියා සිටියේය.
එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පවතින අවස්ථාවෙදී එක් අමාත්‍ය ධුරයක් පමණක් වෙනස් කල නොහැකි බව තමාට දැනුම් දුන් බව රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී අනාවරණ කලේය.
තමා විසින් ආයෝජකයින් කෙතෙක් ගෙන්නවුද අමාත්‍යවරයා විසින් එම සාකච්ඡාවලදී තමාව අපහසුතාවයට පත්ව ආකාරයේ හැසිරෙන බවත් එසේම වරාය ඇතැම් නිලධාරින් ද ඇතැම් අවස්ථාවලදී එවැනි කටයුතු සිදු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා හෙලි කර සිටියේය.
වරායේ රාජ්‍ය නිලධාරින් වසර 15 ක පමණ කාලයක් එකම තනතුරුවල සිටිමින් වංචා සිදු කිරීමට අවශ්‍ය කටයුතු වල නිරත වන බවත් තමාට ඒ සියල්ලන්ගේම නම් හා තොරතුරු හෙලි කිරීමට හැකියාව ඇති බව ජයසේකර මන්ත්‍රීවරයා කියා සිටියේය.
ඉදිරි කාලයේදී මෙම තොරතුරු හෙලි කරන බවත් තමා වසර 21 ක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ කටයුතු කරන නමුත් දැන් ඇත්තේ දැඩි කලකීරීමක් බව ඔහු පැවසිය. කෙසේ වෙතත් තමා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ඍජු මැදිහත් වීම බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.
දිලිනි සමන්මලි