27 April 2024
#සංවර්ධන

මකුලේමඩ හරහා කටුඅත්තාමඩ දක්වා මාර්ගයේ වැඩ ආරම්භ කරයි

කිරිමැටියාව මකුලේමඩ හරහා කටුඅත්තාමඩ දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරිමේ කටයුතු ආරම්භ කිරිම ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මකුලේමඩ විහාරස්ථානය අසළදි පැවැත්විණි.

ලෝක බැංකු මුල්‍ය ප්‍රතිපාදන මත ඉදිකෙරෙන මෙම මාර්ගය කිලෝමිටර් 3.4ක් දිගින් යුක්ත වන අතර වැය කරන මුදල රුපියල් ලක්ෂ 1200කි .

මෙම මාර්ගය සංවර්ධනය කිරිමෙන් කිරිමැටියාව,පල්ලේකුඹුර,ගලඋඩහේන,පන්වත්ත,මකුලේමඩ,කටුඅත්තාමඩ,එනසල්මඩ,ඕවිලිකන්ද,වදේමඩ,හොරගහපිටිය ආදි ගම්මාන රැසක පවුල් 2000කට වැඩි පිරිසකට සෙත ‍සැලසේ.

මෙම අවස්ථාවට උකුවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සමන්ත ධර්මසේන මහතා ඇතුලු ගම්වාසින් රැසක් එක්වි සිටියහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *