අස්වැසුම පළමු වාරිකය පවුල් ලක්ෂ 8ක් වෙත ලබා දීම සඳහා අවශ්‍ය මුදල ලෙස රුපියල් බිලියන 5ක මුදලක් මහා භාණ්ඩාගාරය විසින් බැංකු වෙත බැර කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙම නව ක්‍රමවේදයට අනුව ගිණුම් විශාල ප්‍රමාණයක මෙහෙයුම් කටයුතු එකවර සිදු කිරීමේ දී බැංකුවල පවතින පරිගණක පද්ධතිවල යම් ප්‍රමාදයක් ඇති විය හැකි බවයි.
එසේ වුවහොත් ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත වාරික මුදල් බැරවීමේ යම් ප්‍රමාදයක් සිදු වනු ඇති බව ද පළමු වාරිකය ගෙවීමෙන් අනතුරුව අස්වැසුම ප්රතිලාභ ගෙවීම සඳහා මාසයේ නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කෙරෙන අතර ඇති වන ප්‍රමාදයන් ද එමඟින් අවම වනු ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
පළමු වාරිකය ගෙවීමෙන් අනතුරුව කඩිනමින් නුසුදුස්සන් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරන අතර ඊට අවශ්‍ය සහය ලබා දෙන ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි. සතියේ දිනවල උදෑසන 9 සිට පස්වරු 4 දක්වා 1924 අංකයෙන් සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය ඇමතීමෙන් අදාළ පැමිණිලි යොමු කිරීමේ හැකියාව පවතී. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කිසියම් නුසුදුසු පවුලක් අදාළ දීමනා ලබා ගෙන ඇති බව තහවුරු වුව හොත් එම මුදල් නැවත ලබා ගැනීමට කටයුුතු කරන බවයි.