27 April 2024
#දේශීය

වැටුප් ලබා නොදිම හේතුවෙන් උරණ වු සේවිකාවන් ඇඟලුම් කම්හල කොල්ලකයි

මාතලේ කවුඩුපැලැල්ල ප්‍රදේශයේ ඇගළුම් කම්හලක සේවිකාවන් පිරිසකට මාස දෙකක කාලයක් තිස්සේ වැටුප් ලබා නොදිම නිසා පාලනාධිකාරිය සමග උරණ වි තමන් සේවය කළ ඇගළුම් කම්හල බිද ලක්ෂ තුනකට ආසන්න වටිනාකමින් යුත් නිමි ඇදුම් තොගයක් සොරකම් කරන ලද බව කියන සේවිකාවින් හයදෙනෙකු සැකපිට 26දා අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි.

සේවිකාවන් 6දෙනා ඇගළුම් කම්හලේ දොර බිද ඇතුළුවි සොරකම සිදු කර ඇති බව මුලික පරික්ෂණවලදි අනාවාරණව වු බවත් මෙම ඇගළුම්හල වසර ගණනාවක් පවත්වාගෙන යන බවත් සේවික සේවිකාවන් 40කට වැඩි පිරිසක් සේවයේ යෙදෙන බවද පොලිසිය කියයි.

මහවෙල පොලිසිය සිද්ධිය පිළිබදව වැඩිදුර පරික්ෂණ පවත්වයි.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *