දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නොමැති බවත් ඉදිරියේදී ඕනෑම මැතිවරණයකට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (02) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවේ 03 වන ඉරිදා දින පක්ෂ සමුළුව පැවැත්වෙන බවයි. එයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ආරාධනා කර ඇති අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා නොකල බවයි. පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් කතාබහක් ඇති බව වාර්තා වන නමුත් එවැනි කිසිදු තනතුරුවල වෙනස් කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බව හෙතෙම කියා සිටියේය.