නව අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමයකට රජය මුල පුරා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර නුගවෙල මධ්‍ය විද්‍යාලයේ දී රාජ්‍ය මූල්‍ය හා සම්බන්ධ ආයතන කිහිපයක ඒකාබද්ධ වීමෙන් පාසල් සියයක වෙළෙඳපොළ ප්‍රාග්ධන සංගම් පිහිටුවීමේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.
මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ දැනුම හා ආකල්පවල පවත්නා වර්ධනීය මට්ටමට සාපේක්ෂව කුසලතා නමැති කුලුන ඔප්නංවා ගනිමින් සමබර වූ කුසලතා පූර්ණ ප්රශස්ත අධ්‍යාපන ක්‍රමවේදයක් ඇති කල යුතු බව අමාත්‍යවරයා කියා සිටියේය.
ඉදිරියේ දී සියලු ගුරුවරුන් අධ්‍යාපනවේදී උපාධිධරයන් වශයෙන් සිසුන් අභිමුවට පත් කිරීම තම අපේක්ෂාව බවත් ඒ සඳහා වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ව සිටි යුගයේ ස්ථාපනය කරන ලද විද්‍යාපීඨ සියල්ල ඒකාබද්ධ කර පිහිටුවනු ලබන අධ්‍යාපන විශ්වවිද්‍යාලය උපස්ථම්භක වන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.
අප පසු කර වේගයෙන් ඉදිරියට ගොස් ඇති රටවල් සමග එක් වීම සඳහා ස්ටීම් (STEAM) අධ්‍යාපනය වැනි නවීන ආධ්‍යාපනික ක්‍රමවේද භාවිත කරමින් පන්තිකාමරය තුළ සිසුන් ලබන න්‍යායාත්මක හා සද්ධාන්තික දැනුම ප්‍රායෝගික භාවිතයට ගැනීම පිළිබඳ වන ගළපාගැනීම් සිදු කිරීමට නොපැකිළ ව ප්රයත්න දරන බව හෙතෙම කියා සිටියේය.
දරුවන්ට ආර්ථිකය හා මූල්‍ය කටයුතු පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබා දීමට බැංකු පද්ධතිය ඇතුළු මූල්‍ය ආයතන ද සම්බන්ධ කරගන්නා බවත් මෙම නව ප්‍රාග්ධන සංගම්වලට තොරතුරු තාක්ෂණය හා කෘත්‍රීම බුද්ධි විෂය මුසු කර වේගවත් ආර්ථික මාවතකට ප්‍රවේශය ලබා වසර 15කින් පමණ පසුපසින් සිටින මෙරට අධ්‍යාපන මට්ටම ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම මෙම අධ්‍යාපන පරිවර්තනයන ක්රියාදාමයන්හි මුඛ්‍ය අපේක්ෂාව බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.