27 April 2024
#දේශීය

“අභියස – At your door step ” ජංගම සේවා වැඩසටහනක්

මධ්‍යම පළාතේ කලාප අධ්‍යාපන කාර්යාල කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කෙරෙන “අභියස – At your door step ” ජංගම සේවා වැඩසටහනේ 08 වන අදියර මාතලේ අධ්‍යාපන කලාපය කේන්ද්‍ර කර ගනිමින් පසුගියදා මාතලේ විද්‍යා විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්විණ.

මධ්‍යම පළාත් අධ්‍යාපනයේ සේවාලාභීන් වෙත වඩාත් ගූණාත්මක හා කාර්යක්ෂම සේවාවක් ලබා දෙමින් කඩිනම් කාර්යය සඵලත්වයක් ඇති කිරීම වෙනුවෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතාගේ සංකල්පයකට අනුව මෙය ක්‍රියාත්මකයි.

මෙම අවස්ථාවට පළාත් අධ්‍යාපන බලධාරින් මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විජයන්ති ජයසුරිය මහත්මිය ඇතුලු කලාප කාර්යාල‍යේ නිලධාරින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *