• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අග්බෝට ඉපලෝගම ගොවින්ගේ අස්වැන්න ලබා දෙයි

13 September 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

‍ඉපලෝගම අස්වැද්දුම ගමේ ගොවියෝ තුන්වන වරටත් තම අස්වැන්න බරපතල තුවාල ලබා තුන් මසක් ප්‍රථිකාර ලබන අග්බෝට ඇතාට ආහාරය වෙනුවෙන් ලබා දෙන ලදි.

මහවැලි එච් කලාපයේ කලාවැවෙන් පෝෂණය වන ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අස්වැද්දුම ගම්මානයේ ජීවත්වන ශාන්ත බණ්ඩාර ගොවිමහතා ඇතුළු ධාතුසේන ගොවි සංවිධානයේ ගොවී නියෝජිතයින් විසින් මෙවර යල කන්නයේ වගා කළ වී ගොයමෙන් කොටසක් කපා ඉදිරිපස වම් පාදයට දඩයක් කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලබා තුන්මසක් ප්‍රථිකාර ලබමින් සිටින අග්බෝ ඇතාගේ පෝෂණය සඳහා ආහාරයට ලබාදීමට ඊයේ (12) පස්වරුවේ කටයුතු කළහ.

තිරප්පනය, වන්නම්මඩුව වැව් පිටියේදී මෙම ගොයම අග්බෝ හස්තියාට ලබා දීම සිදු කෙරිණි.අග්බෝ හස්තියා ඊයේ (12) දින වන්නම්මඩුව වැව් පිටියේ රැඳී සිටි අතර, සවස වැවට බැස ජලස්නානය කර අග්බෝ ගොවීන් විසින් ලබා දුන් ගොයම භුක්ති විදීමට පැමිණියේය.

අග්බෝ හස්තියාට ආහාර පිණිස ගොයම් එක්කාසූ කිරීම ධාතුසේන ගොවි සංවිධානයේ නියෝජිතයින් මෙන්ම, එම ගම්මානයේ කාන්තා ග‌ොවි සංවිධාන නියෝජිතයින්ද කටයුතු කර ඇති අරත, එම කාන්තාවන්ද ගොයම් රැගෙන පැමිණ හස්තියා වෙත ලබා දුන්හ.අනතුරුව අග්බෝ හස්තියාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් හා අග්බෝ හස්තියාට ප්‍රථිකාර කරන හා අග්බෝ හස්තියාට ප්‍රථිකාර සිදු කරන හා දිවා රෑ දෙකෙහි අග්බෝ ලඟ අව්වැසි නොතකා, මැසි මදුරු උවදුරු වලින්ද පීඩාවිදිමින් අග්බෝගේ මුරදේවතාවුන් වන වනජීවී නිළධාරීන්ට ආශිර්වාද කරමින් ළාකරඹෑව ශ්‍රී විද්‍යාධාර මහා පිරිවෙනෙහි, පරිවේනාධිපති, කළාකරඹෑවේ ධම්මකිත්තී ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනයක් සිදු කර ඔවුන්ට පිරිත් නූල් ගැටගැසීමද සිදු කරනු ලැබීය.

ඉදිරිපස වම් පාදයට දඩයක් කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලැබූ අග්බෝ ඇතාට පසුගිය ජුනි මස 12 වනදා සිට ආරම්භ කල අතර, ඊයේ (12) දිනට හස්තියාට ප්‍රථිකාර කිරීමේ කටයුතු තුන්මසක් ගතවිය.අග්බෝගේ ප්‍රතිකාර කටයුතු මේ දක්වා අනුරාධපුර කලාපය භාර වනජීවී පශු වෛද්ය චන්දන ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායම විසින් සිදු කරනු ලබන අතර අවස්ථා කීපයක දී විශේෂ පශු වෛද්‍ය කණ්ඩායම් කීපයක් ද ඊට සහාය දැක්විය.තිරප්පනය බීට්ටු වනජීවි කාර්යාලයේ නිලධාරීන් සහ එම කාර්යාලයට අනුයුක්ත බහුකාර්ය නිළධාරීන්ගේද පූර්ණ කැපවීම මත අග්බෝ ඇතා මේ වන විට තරමක් සුවය ලබා ඇති බවද දැක ගත හැකි විය.

මෙම කටයුත්ත සම්බන්ධයෙන් අදහස් දැක්වූ කළාකරඹෑව ශ්‍රී විද්‍යාධාර මහා පිරිවෙනෙහි, පරිවේනාධිපති, කළාකරඹෑවේ ධම්මකිත්තී ස්වාමීන් වහන්සේ,

අපි අද තිරප්පනය වන්නම්මඩුව වැව් පිටියට පැමිණියේ, අග්බෝ හස්තියාට අවශ්‍යය කරන ආහාර අරගෙන, අපි මේ පැමිණියේ තුන්වැනි අවස්ථාව, පළමුවැනි අවස්ථාවේ අපි, සුවදැල් වී ගෙනැවිත් හස්තියාට ලබා දුන්නා, අද දවසේත් 506 අස්වැද්දුම තුලානේ ධාතුසේන ගොවි සංවිධානයේ නිළධාරීන් හා ගොවියන් කැටුවයි අපි මේ අවස්ථාවට සහභාගී වෙන්නේ, මේ අවස්ථාවට අපේ කෘෂිකර්ම පර්යේෂණ නිළධාරීතුමියත්, ග්‍රාම නිළධාරීතුමියත් සහභාගී වෙනවා, අපේ ගම්මානයේ සියලුම ගොවීන් කැමති වුණාා මේ හස්තිරාජයාට ආහාර සඳහා ගොයම් තමන්ගේ කුඹුරු වලින් කපා දීමට, ඒ අනුව දින 03 ක් මේ හස්තියා වෙනුවෙන් ගොයම් කපා ගෙන හස්තියාට ගෙනැවිත් දීලා, හස්තියාගේ කුස පිරවීමට, මේක ලොකු පිංකමක්, බොහෝම සද්ධාවෙන් තමයි අපේ දායක පිංවතුන් මේ පිංකම සිද්ධ කරන්නේ, ඉදිරියටත් මේ විදිහට මේ පිංකම සිදු කරන්න බලාපොරොත්තු වෙනවා, විශේෂයෙන්ම මේ හස්තිරාජයාගේ ජීවිතය ආරක්ෂා කර ගන්නටයි අපිට වුවමනා කරලා තියෙන්නේ. ඒ සඳහා වනජීවී නිළධාරීන්ද විශාල පරිශ්‍රමයක් දරනවා, මේ අග්බෝ හස්තියාගේ ජීවිතය ආරක්ෂා කර ගන්න,ඒ හස්තියා යන එන හැම තැනකටම යමින්, ඒ හස්තියාගේ ජීවිතය ආරක්ෂා කර ගන්න අවශ්‍යය කරන ප්‍රථිකාර ලබා දීමට කටයුතු කරනවා.මේ සඳහා අස්වැද්දුම, කළාකරඹෑව ධාතුසේන ගොවි සංවිධානයේ ගොවි මහත්වරුන් විශේෂ සැලකිල්ලක් හා උනන්දුවක් දක්වනවා, මේ හස්තියා ආරක්ෂා කර ගන්න, මේ හස්තියාව සුවපත් කරගන්න, මේ වෙලාවේදී අපි හැමෝම අපේ හස්තිරාජයාට ආශිර්වාද කරනවා, තුරුණවන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ ආශිර්වාදයෙන් රැකවරණයෙන් මේ රෝගී ස්වභාවය ඉක්මනින් සුවපත් වෙලා, මේ සත්වයාට තමන්ගේ වනාන්තරයේ සැරිසරමින්, අනෙක් හස්තීන් සමඟ වාසය කරන්න ශක්තිය සැලසේවා, ධාතුසේන ගොවි සංවිධානයේ නිළදාරීන් අද (12) දවසේ ගොවියන් හම්බෙලා, කුඹුරු වලට ගිහින් ගොවීන්ගේ ගොයම් කපාගෙන, අග්බෝට ලබා දුන්නා.මේ ගොයම් ටික ලබා දෙන්න කටයුතු කළ සියලු ගොවි මහත්වරුන්ටත්,දිවා රාත්‍රී දෙකෙහි මේ සත්වයා ආරක්ෂා කර ගන්නට වෙහෙස, මහන්සි වෙන වනජීවී දෙපාර්තමේන්තුවේ නිළධාරීන් හැම දෙනාටමත්, නිදුක්, නීරෝගී බව චිර ජීවනය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා යැයි පැවසූහ.

ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අස්වැද්දුම ගම්මානයේ,ධාතුසේන ගොවි සංවිධානයේ එල්.එම් ශාන්ත බණ්ඩාර ගොවි මහතා,

මීට පෙරත් අපි සුවඳැල් ගොයම් මේ හස්තිරාජයාට භූක්ති විඳින්න සැලැස්සුවා, මේ තුන්වැනි වතාවට අපි මේ ග‌ොයම් ගෙනැවිත් හස්තියාට ලබා දීමට කටයුතු කලේ, හස්තියාට අහාර ලබා දෙනවා වගේම, ඔහුගේ තිබෙන තුවාල සුව වෙන්න කියන එකත්, අපි ප්‍රාර්ථනා කරනවා. අ‌පේ නායක හිමියන්ගේ පැවිදි දිවියට අදට (12) තිස්පස් අවුරුද්දක් ගත වෙනවා, ඒකත් සිහිපත් කරමින් තමයි මේ හස්තියාට මේ ගොයම පූජා කරන්නේ.ඒ වගේම අපේ ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිළධාරීතුමිය, ග්‍රාමසේවා නිළධාරීතුමියත් මේ කටයුත්තට සහය දැක්වූවා, මේ වගේ හස්තිරාජයන් අපි රැකගන්න ඔ්න, ඔවුන් රැක ගත්තොත් තමයි අපිට වන අසිරිය බලන්න අවස්ථාව ලැබෙන්නේ.අද දිනයේ කළාකරඹෑවේ ගොවිමහතුන් 20-25 ක් අතර පිරිසක්, කුඹුරු අක්කර කාළක පමණ ගොයම් සපයා දුන්නා, ඉදිරියටත් අපි හැකි සෑම අවස්ථාවකම අග්බෝට සුවය ලැබෙන තුරු ගොයම් ලබා දෙන්න කටයුතු කරනවා.ඒ වගේම වනජීවී නිළධාරීන් විශාල කැපකිරීමක් කරන අයුරු අපි දැක්කා, ඔවුන් නිදිවර්ජිතව මේ හස්තියා රැක ගන්න වෙහෙස මහන්සි වෙනවා, ඔවුන්ටත් අපි ස්තූතිවන්ත වෙනවා මේ හස්තියා රැකගන්න රාජකාරීය අකුරටම ඉෂ්ඨ සිද්ධ කිරීම පිළිබඳව යැයි පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ 506 අස්වැද්දුම ග්‍රාමසේවා වසමේ කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිළධාරීතුමිය වන කළ්‍යාණී චන්ද්‍රකුමාරී මහත්මිය,

මුලින්ම දළදා මාලිගාවේ කරඩුව වඩම්මන ඇතුට ගොයම් ලබා දෙන්න ඔ්න කියලා, අපේ ගොවි සංවිධාන‌යේ සභාපති ශාන්ත බණ්ඩාර මහත්තයා යෝජනා කලා,නමුත් හදිසියේම අග්බෝ ඇතා අසනීප වුණා කියන පුවතත් එක්ක, අග්බෝ හස්තියාට ගොයම් ලබා දීම ආරම්භ කළා, ඊට පස්සේ අපේ ගමේ කාන්තාවන්ටත් ඔ්නකමක් තිබ්බා මේකට කොහොම හරි දායක වෙන්න ඔ්න කියලා, අද (12) ගමේ කාන්තාවන් ගමේ කුඹුරු රැසකට ගිහින් ගොයම් එකතු කරලා හරි සතුටින් අග්බෝට දෙන්න අරගෙන ආවා, අපේ කාන්තාවන්ගේ ඇස් වලින් කඳුලුත් වැටුණා, ඒක තමයි අම්මාවරුන්ගේ දැක්ම. සතාටත්, දරුවන්ටත් අපි එක වගේ සලකන්න ඔ්න, යැයි පැවසුවාය.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 7
Previous Post

ත්‍රස්තවාදයට සේම අන්තවාදයටත් අපේ රටේ ඉඩක් නැහැ – විපක්ෂ නායක සජිත්

Next Post

ජනපති කියුබාවට … අමාත්‍යාංශවල වගකීම් රාජ්‍ය අමාත්‍යවරුන්ට

editor

editor

Next Post

ජනපති කියුබාවට ... අමාත්‍යාංශවල වගකීම් රාජ්‍ය අමාත්‍යවරුන්ට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved