• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මම පොහොට්ටුවෙ පොදු අපේක්ෂකයා නෙමෙයි – මන්ත්‍රී පාඨලි

30 December 2023
in දේශීය, පුවත්
මම පොහොට්ටුවෙ පොදු අපේක්ෂකයා නෙමෙයි – මන්ත්‍රී පාඨලි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහ මහතාගේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහින්ද රාජපක්ෂවරුන්ගේ අනුග්‍රාහකත්වයෙන් ඉදිරි ජනාධිපතිවරණයට තමා පොදු අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙන බවට යන ප්‍රචාර අසත්‍ය බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (30) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමිනි.

එම ප්‍රකාශය සම්පුර්ණයෙන් පහත පරිදි වේ “මේ දිනවල විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල, ගොසිප් තීරුවල වගේම ප්‍රධාන මාධ්‍යවලත් යම් යම් වැරදි අදහස් අප පිළිබඳව ප් රචාරය වෙමින් පවතිනවා. සරලවම කිව්වොත් මෙයින් කියවෙන්නේ නිදහස ජනතා සභාවේ ඇතැම් පිරිස් වලට පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෝ වෙනත් තැනකදී මවිසින් ප්‍රකාශ කළාය කියලා රනිල් වික්‍රමසිංහ මහතාගේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහින්ද රාජපක්ෂවරුන්ගේ අනුග්‍රාහකත්වයෙන් ඉදිරි ජනාධිපතිවරණයට මම පොදු අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙන බව. මෙය සම්පූර්ණ අසත්‍යයක්. අපේ දේශපාලන භාවිතාව ගැන හොඳින් දන්නා මේ රටේ සමාජය කිසිසේත්ම මේ විශ්වාස නොකරන බව මම දන්නවා. නමුත් මේ හරහා අනාගතයේ තවත් කෙටිකතා, කතන්දර, මඩ ප්‍රහාර ගොඩාක් ගොඩ නැගෙන නිසා ආරම්භයේදීම ඒ තත්ත්වය සමහන් කර ගැනීම සඳහා තමයි මේ ප්‍රකාශය මම කරන්නේ.

අපි 2014 දි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මේ පෙන්වපු මායාකාරී සංවර්ධනයේ ප්‍රතිඵලයක් හැටියට ගත්ත කෙටිකාලීන අධික පොලී ණය නිසා රට බංකොලොත් වෙන බව ප්‍රථම වතාවට දේශපාලඥයෙක් හැටියට ප්‍රකාශ කළේ මමයි. ප්‍රකාශ කළා විතරක් නෙමෙයි ලිඛිතව අපි සටහන් කළා විතරක් නෙවෙයි. ඒ අවස්ථාවේදී අපිට ඇතැම් අය දෝෂාරෝපණය කළත් අද ඔප්පු වෙලා තියෙනවා මේ රටේ ජනතාව ඉදිරියේ පසුගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ දොළොස් වෙනිදාත්, ඊළඟට මේ රටේ මහජනයා විසින් කරන ලද ඒ, නිරාවුධ, සෘජු අරගලයේ ප්‍රතිඵලයක් හැටියටත්, ඒ වගේම, මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව හැටියටත්, මේ රට බංකොලොත් වීමට මහින්ද, ගෝඨාභය හා බැසිල් රාජපක්ෂ සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව. ඉතින් එවැනි පිරිසක් එක්ක දේශපාලන සම්බන්ධතාවයක් අපිට නැහැ.අපි බොහොම ආරාධනා කරන්නේ, මහින්ද රාජපක්ෂ මහත්තයාට, දැන්වත් දේශපාලනයෙන් විශ්‍රාම යන්න. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රාජපක්ෂවරු නොවන නායකත්වයකට පත් කර ගන්න කියලා.

රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්ක අපිට පලවෙනි දේශපාලන ප්‍රශ්නය, පසුගිය මහා මැතිවරණයේදී ආවා. එතුමාගේ නායකත්වයෙන් මැතිවරණයට යන්න අපි සූදානම් වුණේ නෑ. ඒ නිසා තමයි අපි යම් සන්ධානයක් ඇති කරගෙන, අවබෝධතා ගිවිසුම් ඇති කරගෙන, සමගි ජන බලවේගය හරහා, ඒ මැතිවරණයට ඉදිරිපත් වුණේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්මයාත්, අපිත් අතර දේශපාලන සබඳතාවයක් කිසිසේත්ම නැහැ වගේම අද එතුමා කියන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන න්‍යාය පත්‍රය රැගෙන යන ප්‍රධානිය, නායකයා හා ඔහුගේ මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නමින් ඔහු සිදුකරගෙන යන ක්‍රියාවලියේ ජනතාවගේ පැත්තෙන්, ඒ වගේම මහජනයාට බර තබන, ධන කුවේරයින් ආරක්ෂා කරන, ඒ වගේම දූෂණයට වැට නොබඳින, එයට තවදුරටත් ඉඩහසර ලබාදෙන, තත්ත්වයන් එක්ක එතුමා සමඟ අපේ දේශපාලන සන්ධානයක් ඇත්තෙත් නෑ.

“සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සහ ඒවායේ තියෙන සංවිධාන ව්‍යුහයන්, පුද්ගලයින් අපි ප්‍රතික්ෂේප නොකළත් අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ, පසුගිය වසරේ කිසිම දේශපාලන පක්ෂයකට කල නොහැකි වූ, ලක්ෂ තුනක හමුදාවක් වටකරගෙන හැටනම ලක්ෂෙක ජනවරමක් තමන්ට තියෙනවයි කියලා හිතාගෙන ජනාධිපති වරමක් ලබාගෙන හැබැයි රජ කෙනෙක් විදිහට අධිරාජයෙක් විදිහට කටයුතු කරපු පවුලක් නායකයෙක් සෘජු ක්‍රියාමාර්ගයකින්, ගල් කැටයක් වත් අතේ නැතුව පලවා හැරපු ජනතාව ගැනයි අපි විශ්වාසය තියන්නේ.

“මේ රටේ තාත්තලා, බාප්පලා, අම්මලා විකුණලා බලයට ඒම වෙනුවට පවුල් වාදයට, පවුල් කාමයට, ගෝත්‍රවාදයට එරෙහිව මේ රටේ කුසලතා පූර්ණ පරපුර බල ගැන්වීමටයි අපගේ පක්ෂය සංවිධානය වෙන්නේ. ඒ වගේම ඉතාම අයථා ක්‍රමයට, ධන උත්පාදනය කරගෙන, ඒ ධනයෙන් මාධ්‍ය මිලදී ගෙන තමන්ට මේ රටේ දේශපාලන බලය පවත්වාගෙන ගත හැකියි කියලා හිතන අතලොස්සක් ඉන්නවා. ඒ අතලොස්සටත් එරෙහිව අර කුසලතා පූර්ණ පරපුර මේ රටේ බලය ලබා ගත යුතුයි කියන මත තමයි අපි ඉන්නේ.

“පැරණි මතවාද, පැරණි ජයවර්ධන මතවාද, ප්‍රේමදාස මතවාද, සමාජවාදය නමින් 70-77 අත්හදා බලපු දේවල්. කියුබාව වැනි අත්හදාබැලීම් රාජ්‍යයන් යෝජනා කරන මේ පැරණි මතවාද වලට රැහැනිව ලෝකය ඉදිරියට ගෙනියන්න පුළුවන් සුහුරු රටක් ගොඩනගා ගැනීමට පුළුවන් සුහුරු ජනතාවක් ගොඩ නගන අලුත් වැඩපිළිවෙලක් පිළිබඳවයි අපි විශ්වාස කරන්නේ.

“ඒක අපි මේ ලබන වසරේ ඉදිරිපත් කරනවා. ඒ ගැන අපිට පූර්ණ විශ්වාසයක් තියෙනවා. මොකද අපි කරපු අමාත්‍යාංශ එකක්වත් බංකොලොත් කරේ නෑ වගේම ආර්ථික අතින් ඒවා ඉතාමත්ම ශක්තිමත් ආයතන බවට පත් කළා. ඒ නිසා අපි මේ කියන්නේ සමහර අය කතා කරනවා වගේ මේ තෙල් බෙහෙත් විකුණනවා වගේ පොළවල් වල කථික කතන්දර නෙමෙයි මේවා. ප්‍රායෝගිකව මේ රට ඇතුළේ තෙල් මිල අඩු කරපු විදුලි බිල අඩු කරපු, රාජ්‍ය ආයතන ගොඩනගපු, දැවැන්ත ව්‍යාපෘති කරලා මේ රටේ ජනතාවට කිසිඳු ආකාරයේ හානියක් නොවන ප්‍රතිලාභ ලබාදීපු, තවත් දැවැන්ත ව්‍යාපෘති කර තබන්න පුළුවන් විදිහේ කණ්ඩායමක් මේ රට ඇතුලේ හදපු, සමාජ ව්‍යාපාරයක් හැටියටයි අපි ඊළඟ ජනාධිපතිවරණයට අවශ්‍ය කරන ශක්තිය, ජවය ලබා දෙන්නේ. ඒ නිසා මේ අසවලා ඉදිරිපත් වෙනවා කියලා එකක් නැහැ. පරපුරක් ජයග්‍රහණය කිරීම සඳහා පරපුරක් එම ජනාධිපතිවරණයට අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.”මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 19
Previous Post

සෞඛ්‍ය අමාත්‍යවරයා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂ නිරීක්ෂණයක

Next Post

මාතලේ ආපදා රැසක්

editor ttvnews

editor ttvnews

Next Post
මාතලේ ආපදා රැසක්

මාතලේ ආපදා රැසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved