• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමට ජනපති ඕස්ට්‍රේලියාවට

8 February 2024
in දේශීය, පුවත්
කවුරු නෑ කිව්වත් ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට රනිල් එනවාලු !
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) අලුයම දිවයිනෙන් පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඉන්දියා පදනමේ සහ ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මීට එක්ව සිටින අතර හත්වැනි ඉන්දීය සාගර සමුළුව පෙබරවාරි 9 සහ 10 දෙදින ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී පැවැත්වේ.

ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල සහ එම සාගරය බහුලව භාවිතා කරන සෙසු රටවලට බලපාන පොදු අභිලාෂ හා ගැටලු පිළිබඳ සාකච්ඡා කෙරෙන ඉන්දීය සාගර සමුළුව 2016 වසරේදී ඇරඹිණි.

“ස්ථාවර සහ තිරසර ඉන්දියානු සාගරයක් කරා” යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුවේ ප්‍රධාන දේශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කිරීමට නියමිතය.

ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් රටවල් 40ක ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් මාර්ග සිතියමක් සකස් කිරීම ද මෙවර සමුළුවේදී සිදු කෙරේ.

සමුළුවට සමගාමීව ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳ අවධානය යොමු කෙරෙන ඉහළ පෙළේ සාකච්ඡා කිහිපයකටද ජනාධිපතිවරයා එක්වීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ද ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක්ව සිටින අතර “අපේ නීල අනාගතය: හවුල් සාගර සම්පත්වල පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා ඉන්දියානු සාගර කලාපය දූපත් රාජ්‍යයන් සමඟ කටයුතු කරන්නේ කෙසේද” යන්න පිළිබඳ අවධානය යොමු කෙරෙන සම්මන්ත්‍රණයක් ඔහු විසින් ඇමතීමට නියමිතය.

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඕස්ට්‍රේලියානු රජය සමඟ එක්ව ඉන්දීය පදනම විසින් 7 වැනි ඉන්දීය සාගර සමුළුව සංවිධානය කර තිබෙන අතර සිංගප්පූරුවේ එස්. රාජරත්නම් ජාත්‍යන්තර අධ්‍යයන පාසල, ඕස්ට්‍රේලියාවේ පර්ත් – ඇමරිකා ආසියානු මධ්‍යස්ථානය ද මීට දායකත්වය සපයයි.

2 වන ඉන්දීය සාගර සමුළුව 2017 වසරේ එවකට අග්‍රාමාත්‍ය, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ දී පැවැත්විණි.

Post Views: 9,903
Previous Post

පොදු ප්‍රවාහන සේවාවලදී සිදුවන ලිංගික හිංසනයන් මැඩපැවැත්වීමට පොලිසියෙන් මෙහෙයුම්

Next Post

විදේශ ජාතිකයෙකු දියේ ගිලි මරුට

editor ttvnews

editor ttvnews

Next Post
දියේ ගිලිමෙන් අවුරුදු 15 ක පිරිමි දරුවෙකු මරුට

විදේශ ජාතිකයෙකු දියේ ගිලි මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තමිල්නාඩු ඡන්ද හිමි නාමලේඛනයෙන්  ලක්ෂ 74ක නම් ඉවත් කෙරේ

තමිල්නාඩු ඡන්ද හිමි නාමලේඛනයෙන් ලක්ෂ 74ක නම් ඉවත් කෙරේ

23 February 2026
ජනවාරියේ  උද්ධමනය පහළට

ජනවාරියේ උද්ධමනය පහළට

23 February 2026
ඊළඟ IMF වාරිකය ලබා ගැනීමට ලංකාව සූදානම් – නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත

ඊළඟ IMF වාරිකය ලබා ගැනීමට ලංකාව සූදානම් – නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත

23 February 2026
හිඟුරක්ගොඩදී යතුරුපැදියක්  අනතුරට ලක්කර මෝටර් රථයක් පලා යයි:  කාන්තාවන් දෙදෙනෙකුට බරපතළයි

හිඟුරක්ගොඩදී යතුරුපැදියක් අනතුරට ලක්කර මෝටර් රථයක් පලා යයි: කාන්තාවන් දෙදෙනෙකුට බරපතළයි

23 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තමිල්නාඩු ඡන්ද හිමි නාමලේඛනයෙන්  ලක්ෂ 74ක නම් ඉවත් කෙරේ

තමිල්නාඩු ඡන්ද හිමි නාමලේඛනයෙන් ලක්ෂ 74ක නම් ඉවත් කෙරේ

23 February 2026
ජනවාරියේ  උද්ධමනය පහළට

ජනවාරියේ උද්ධමනය පහළට

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved