පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අය ජාතික ලැයිස්තුවට දාපු ජවිපෙ ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමට පොරොන්දු වීම තරම් විහිළුවක් තවත් නැති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අඩු ආදායම්ලාභී ජනතාවට සහල් බෙදා දීම නිමිත්තෙන් අද (21) කැලණියේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
අමාත්‍යවරයා පවසන්නේ කතෝලික ජනතාව මරදැමූ ජවිපෙට මෙවර කෙතෝලික ඡන්ද ලැබෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවයි.
එහිදී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය “ ඒකෙ මහමොළ කාරය කවුද කියන්න හැමෝම දන්නව.ජ.වි.පෙ එහෙම පොරොන්දු දීපු එක හොඳයි. මොකද එයාලගෙ ජාතික ලැයිස්තුවේ හිටපු ඊබ්රාහිම්ගේ පුත්තු තුන්දෙනා තමයි මරාගෙන මැරැණෙ. ඒක ගැන කමිටු පත්කරලා පරීක්ෂණ පවත්වල කාලය කන්න දෙයක් නෑ. තවම ඊබ්‍රාහිම් ජීවතුන් අතර ඉන්නවා. එයාගෙන් අහන්න ඕන ඇයි පුතාල මේ වගේ දෙයක් කළේ කියල. ඒක රටට කිව්වනමි ඉවරයි.පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අය ජාතික ලැයිස්තුවට දාපු ජවිපෙ ඒ ගැන පරීක්ෂණ පැවැත්වීම තරම් විහිළුවක් මේ රටේ තවත් නැති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.