4 May 2024
#ක්‍රීඩා #පුවත්

විහාරමහාදේවි විද්‍යාලයේ නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සවයේ ජයග්‍රහණය උපේක්ෂා නිවාසයට

බදුල්ල විහාරමහාදේවී බාලිකා විද්‍යාලයේ නිවාසාන්තර මලළ ක්‍රීඩා උත්සවය – 2024 පසුගියදා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී අති සාර්ථකව පවත්වන්නට යෙදුනි.

මෙම ක්‍රීඩා උත්සවයේ ජයග්‍රහණය සදෙව්නි බිමල්ෂා ලක්මාලි ශිෂ්‍යාවගේ නායකත්වයෙන් යුත් උපේක්ෂා නිවාසය හිමි කර ගන්නා ලදි.

මෙත්තා, කරුණා, මුදිතා සහ උපෙක්ෂා ලෙස නිවාස 04 ක් යටතේ මෙම ක්‍රීඩා උත්සවය පැවැති අතර, ක්‍රිකට්, පාපන්දු, බැට්මිටන්, දැල්පන්දු ඇතුලු ක්‍රීඩා රැසකින් මෙම ක්‍රීඩා උත්සවය වර්ණවත් විය.

උපේක්ෂා නිවාසයේ ක්‍රීඩා භාර ගුරුතුමිය වන කේ.පී තිලංගි, නිවාස භාර ගුරුතුමිය වන සත්ද්‍රා යන ගුරු මැණිවරුන් සහ උපේක්ෂා නිවාසයේ නායිකා සදෙව්නි බිමල්ෂා ලක්මාලි ධර්මදාස, ක්‍රිඩා නායිකා සවිධ්‍යා මධුවන්ති යන ශිෂ්‍යාවන් ජයග්‍රහණය සදහා හිමි කුසලානය ලබාගත් අයුරු ඡායාරූපයේ දැක්වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *