යාපනය එලුවතීව් ප්‍රදේශයේ පිහිටි වීරභද්‍ර කාලි කෝවිලේ තැන්පත් කර තිබූ වටිනා රන් ආලේපිත දේව ප්‍රතිමා දෙකක් කිසියම් පිරිසක් විසින් සොරාගෙන ඇති බවට කයිට්ස් පොලිසියට අද (27) පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.
ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ මෙම සොරකම සිදුව ඇති අතර කාලි මෑණියන්ගේ සහ වීරභද්‍ර දෙවියන්ගේ රුව රැගත් මෙම ප්‍රතිමා දෙකේ වටිනාකම රුපියල් ලක්ෂ හතළිහකට අධික බව කෝවිලේ භාරකාරත්වය පවසයි.
සැකකරුවන් කෝවිලට ඇතුළු වී මෙම සොරකම සිදුකිරීමට පෙර එහි සවිකර තිබූ සී.සී.ටීවී (CCTV) කැමරා පද්ධතිය ද සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. කෝවිලේ ආරක්ෂාව සහ දේපළ පිළිබඳව සොයා බැලීමට කයිට්ස් පොලිසිය සහ යාපනය අපරාධ විමර්ශන අංශය ඒකාබද්ධව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
පුරාවිද්‍යාත්මක හෝ ආගමික වටිනාකමකින් යුත් මෙවැනි ප්‍රතිමා අලෙවි කිරීමට උත්සාහ කරන ජාවාරම්කරුවන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














