හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට සහ ඔවුන්ගේ වැඩිමහල් පුත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට හෙට (03) ප්‍රකාශ ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ. එදින පෙරවරු 9:30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මියට දැනුම් දී ඇත. සිරිලිය ගිණුම් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ. ජනවාරි මස 27 වැනි දිනද ප්‍රකාශයක් දීමට ඇය අපරාධ පරීක්ෂණ දපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණ ද, ඇයගේ නීති උපදේශකයන් මාර්ගයෙන් සති දෙකක කාලයක් ඉල්ලා සිටීම හේතුවෙන් එදින ඇය පෙනී සිටියේ නැත.
එම සහනය ඉල්ලා සිටීමට අදාළව වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බැවින් හෙට (03) නැවත FCID හමුවට පැමිණෙන ලෙස ඇයට දැනුම් දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා කැඳවා ඇත්තේ ඉන්දුනීසියාවේ සිට අල්ලාගෙන මෙරටට රැගෙන ආ කෙෙහල්බද්දර පද්මේ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළවයි. මීට පෙර ද නාමල් රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ගැනීමට කැඳවා තිබුණ ද ඔහු ඒ වන විට ඉන්දියාවේ සංචාරයක නිරතව සිටි බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ නැත.














