පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව්නමක් සහ තවත් පුද්ගලයන් හය දෙනෙකු ලබන පෙබරවාරි මස 09 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළේය. ත්‍රිකුණාමලය කොටුව වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් සිදුකර බුදුපිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
නඩුව අද කැඳවූ අවස්ථාවේදී පොලිසිය කරුණු දක්වමින් කියා සිටියේ අදාළ ස්ථානයේ අනවසර ඉදිකිරීම් සිදුකිරීම මගින් සාමය කඩවීමේ ප්‍රවණතාවක් පවතින බවයි. දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, විමර්ශන කටයුතු අවසන් නොමැති බැවින් සැකකරුවන් තවදුරටත් රඳවා තැබීමට නියෝග කළේය.














