කළුතර පොලිස් විද්‍යාලයේ පුහුණුව ලබමින් සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අතර අද (10) ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සිදු වූ පහරදීමකින් එක් නිලධාරියෙකු බරපතල තුවාල ලබා තිබේ. තියුණු ආයුධයකින් සිදු කළ මෙම පහරදීමෙන් තුවාල ලැබූ ආධුනික කොස්තාපල්වරයා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු මේ වන විට ශල්‍යකර්මයකට ද යොමු කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පහරදීම සිදු කළ සැකකාර ආධුනික කොස්තාපල්වරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසයි. පුහුණුව ලබන ආධුනිකයන් අතර ඇති වූ මෙම ගැටුම සහ ඊට හේතු වූ කරුණු පිළිබඳව පොලිස් විද්‍යාලයීය බලධාරීන් සහ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.














