හක්මන ගංගොඩගම ප්‍රදේශයේදී මියගිය පුද්ගලයෙකුගේ සිරුර එම්බාම් කිරීමේදී ඉවත් කළ අභ්‍යන්තර ශරීර කොටස් සහ ෆෝමලින් සහිත අපද්‍රව්‍ය පොලිතින් මල්ලක බහා කෝංගල් ආරට බැහැර කළ පුද්ගලයෙකු හඳුනාගෙන ඔහුට දැඩි ලෙස අවවාද කිරීමට හක්මන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන තිබේ. මහජන පැමිණිලි මත සිදුකළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ නිවෙස් හිමිකරුගේ නොදැනුවත්කම මත වෙනත් පුද්ගලයෙකු විසින් මෙම අනතුරුදායක ක්‍රියාව සිදුකර ඇති බවයි.
සෞඛ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් අදාළ ශරීර කොටස් සහ අපද්‍රව්‍ය ගඟෙන් ඉවත් කර නැවත විධිමත් පරිදි මිහිදන් කිරීමට කටයුතු කර ඇති අතර, මෙවැනි ක්‍රියාවලින් සිදුවන බරපතල සෞඛ්‍ය හා පාරිසරික බලපෑම පිළිබඳව නිවැසියන් දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇත. හක්මන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුරංග උබේසේකර මහතාගේ උපදෙස් මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් විසින් මෙම වැටලීම සහ නීතිමය පියවර ගැනීම සිදුකළහ.














