පිරිවෙන් ගුරුවරයෙකුට ස්ථාන මාරුවීමක් ලබා දීම සඳහා රුපියල් පනස් දහසක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු සහ ගුරු උපදේශකවරයෙකු අද (10) සවස අත්අඩංගුවට ගෙන ඇත. අල්ලස් හෝ දූෂණ මර්ධන විමර්ශන ඒකකය විසින් සිදුකළ වැටලීමකදී මෙම නිලධාරීන් දෙදෙනා කොටු වී තිබේ.
අත්අඩංගුවට පත් වූවන් වයස අවුරුදු 57 සහ 59 යන වයස්වල පසුවන දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලිසිය පවසයි. සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අල්ලස් හෝ දූෂණ මර්ධන විමර්ශන ඒකකය මගින් ක්‍රියාත්මකයි.














