මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජනාධිපතිවරයා විසින් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ මෙම යෝජනාවට මෙලෙස අනුමැතිය ලැබී ඇත.
නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද මෙම අවසන් පනත් කෙටුම්පත් ඉදිරියේදී රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට නියමිතය. ඉන් අනතුරුව ඒවා විධිමත් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරේ. මෙමගින් මෙරට මූල්‍ය පද්ධතිය තුළ සිදුවන නීති විරෝධී මුදල් හුවමාරු වැළැක්වීම සහ විනිවිදභාවය තහවුරු කිරීම රජයේ ප්‍රධාන අරමුණයි.














