ගොවියාට සාධාරණ මිලක් ලබාදෙමින් සහ පාරිභෝගිකයාට සහනදායී මිලකට භාණ්ඩ ලබාගැනීමට හැකිවන පරිදි රජය විසින් නව වැඩපිළිවෙළ රැසක් ආරම්භ කර තිබේ. “නැෂනල් ඇග්‍රි මාර්කට් සර්විසස් ලිමිටඩ්” (National Agri Market Services Ltd) සමාගමද මේ සඳහා පිහිටවූ ආයතනයක් බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (10) පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.
කෙසේ වෙතත්, මෙම නව වැඩපිළිවෙළ පිළිබඳව සමාජයේ අසත්‍ය ප්‍රචාරයන් පැතිර යන බවට අමාත්‍යවරයා මෙහිදී සිය කණගාටුව පළ කළේය. අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති මෙම මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, මෙම වැඩපිළිවෙළ මගින් අතරමැදියන්ගේ සූරාකෑම අවම කර, ගොවියාගේ සහ පාරිභෝගිකයාගේ ආර්ථිකයට සෘජු ප්‍රතිලාභ ලබාදීම රජයේ අපේක්ෂාව බවයි.














