මධ්‍යම පළාතේ පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩු පියවීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් පිරිසකට පත්වීම් ලබාදීම අද (12) මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස් අබයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මධ්‍යම පළාතේ විදුහල්පති සේවය සදහා පත්වීම් ප්‍රදානය කෙරෙයි
මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරන ලද මෙම උත්සවයේදී, ශ්‍රී ලංකා විදුහල්පති ශ්‍රේණියේ නිලධාරීන් 22 දෙනෙකු වෙත මධ්‍යම පළාතේ තෝරාගත් පාසල් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සිදු විය. මෙම පත්වීම් ප්‍රදානය කිරීම හරහා පළාතේ පාසල් පරිපාලන කටයුතු වඩාත් විධිමත් හා කාර්යක්ෂම වනු ඇති බව ආණ්ඩුකාරවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ මහත්මිය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. නව පත්වීම් ලැබූ විදුහල්පතිවරුන් පළාතේ අධ්‍යාපන ගුණාත්මකභාවය ඉහළ නැංවීමට කැපවිය යුතු බව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.


















