ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මහනුවර දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් පුහුණුකරු ලෙස සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ සමන්ත දික්කුඹුර මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ. මියයනවිට 59 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා එක්දරු පියෙකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් මහනුවර දිස්ත්‍රික් කාන්තා පුහුණුකරු මරුමුවට
මධ්‍යම පළාතේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ ඒ මහතා, පළාතේ පාසල් රැසක කාන්තා ක්‍රිකට් කණ්ඩායම් බිහිකිරීමට සෘජුවම දායක විය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා 19 පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීම සඳහා මධ්‍යම පළාතෙන් දක්ෂ ක්‍රීඩිකාවන් රැසක් ජාතික මට්ටමට රැගෙන ඒමට ඔහු කැපවී ක්‍රියා කළේය.
ඒ මහතාගේ දේහය මේ වන විට මහනුවර, කීර්ති ශ්‍රී රාජසිංහ මාවතේ, අංක 25/13 දරන නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට (පෙබරවාරි 13) සිකුරාදා සවස 4:00 ට මහනුවර මහයියාව ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.














