2020 වසරේදී ආරම්භ කර විවිධ හේතූන් මත අතරමඟ නතර වී තිබූ රාජගිරිය, ඔබේසේකරපුර මහල් නිවාස සංකීර්ණයේ ඉතිරි ඉදිකිරීම් කටයුතු රුපියල් මිලියන 2939.49ක වියදමින් අද (12) යළි ආරම්භ කර තිබේ.
ඔබේසේකරපුර මහල් නිවාස සංකීර්ණයේ වැඩ යළි ඇරඹෙයි
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය හරහා නිවාස ඒකක 300ක් ඉදිකිරීමට නියමිතය. මෙහි පත්වීම් කටයුතු ප්‍රමාද කළ පෙර කොන්ත්‍රාත්කරු ඉවත් කර, නව විනිවිද පෙනෙන ටෙන්ඩර් පටිපාටියක් මගින් ඉදිකිරීම් කටයුතු වේගවත් කිරීමට රජය පියවර ගෙන ඇත.
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ මෙම වැඩකටයුතු නිල වශයෙන් ආරම්භ කෙරිණි. අඩු ආදායම්ලාභී පවුල් සඳහා ගෞරවනීය නිවසක අයිතිය ලබාදීමේ රජයේ “පදිංචියට තැනක් – ලස්සන ජීවිතයක්” වැඩපිළිවෙල යටතේ මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට නියමිතය.














