විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශකයකු ලෙස කටයුතු කරන ලසිත් මාලිංගගේ සේවය, තරගාවලිය අවසානය දක්වාම ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.
පවතින එකඟතාවය අනුව, මාලිංගගේ සේවය හිමිවන්නේ මූලික වටයේ තරග සඳහා පමණි. ඒ අනුව එළඹෙන සිම්බාබ්වේ තරගයෙන් පසුව ඔහුගේ ගිවිසුම් කාලය අවසන් වීමට නියමිතව තිබුණි. ආරම්භයේදී ඉතා කෙටි කාලයකට පමණක් මෙම තනතුරට පත් කළද, පසුව එය මූලික වටය අවසන් වන තෙක් දීර්ඝ කිරීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පන්දු යවන්නන් මාලිංගගේ උපදෙස් මත දක්වන දක්ෂතා සැලකිල්ලට ගනිමින්, ඉදිරි සුපිරි 08 වටයේ තරග සඳහා ද ඔහුගේ සහාය කණ්ඩායමට ලබා දීමට බලධාරීන්ගේ අවධානය යොමුව ඇත.














