2026 T20 ලෝක කුසලාන තරඟාවලිය අතරතුර පාකිස්ථාන කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ශඩාබ් ඛාන් සහ හිටපු නායක ශාහිඩ් අෆ්රිඩි අතර දැඩි වාග් සංග්‍රාමයක් නිර්මාණය වී තිබේ. පසුගියදා පැවැති තරඟයකින් පසු ශඩාබ් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් අෆ්රිඩි පවසා ඇත්තේ විවේචනවලට පිළිතුරු දීමට පෙර පිටිය තුළ දක්ෂතා පෙන්වන ලෙසයි.
පෙබරවාරි 15 වනදා ඉන්දියාව හමුවේ පාකිස්ථානය ලැබූ පරාජයෙන් පසු ශාහිඩ් අෆ්රිඩි සහ මොහොමඩ් යූසුෆ් වැනි හිටපු ක්‍රීඩකයන් දැඩි විවේචන එල්ල කළහ. ඔවුන් යෝජනා කළේ බාබර් අසාම්, ශහීන් අෆ්රිඩි සහ ශඩාබ් ඛාන් වැනි ක්‍රීඩකයන් කණ්ඩායමෙන් ඉවත් කර තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දිය යුතු බවයි.
“අපිට විවේචනය කරන හිටපු ක්‍රීඩකයන්ට ලෝක කුසලාන තරඟයකදී කවදාවත් ඉන්දියාව පරද්දන්න පුළුවන් වුණේ නැහැ. නමුත් 2021දී ඉන්දියාව පරද්දපු කණ්ඩායමේ මමත් සාමාජිකයෙක්.”
ශඩාබ්ගේ මෙම ප්‍රකාශයෙන් දැඩි ලෙස කෝපයට පත් ශාහිඩ් අෆ්රිඩි, පෞද්ගලික රූපවාහිනී නාලිකාවක
“පුතේ , ඔය වගේ කතාවලින් ඔයාගේ වැරදි වහගන්න හදන්න එපා. ඔයා 2021දී ඉන්දියාව පැරැද්දුවා තමයි, ඒක අපි අගය කරනවා. හැබැයි දැන් ඔයාගේ දක්ෂතා කොහේද? ඉස්සෙල්ලා ලොකු කණ්ඩායම් එක්ක සෙල්ලම් කරලා ඔයාගේ වගකීම ඉටු කරලා පෙන්නන්න. විවේචනවලට උත්තර දෙන්න ඕනේ මුවින් නෙවෙයි, පිටිය මැද කරන දක්ෂතාවලින්.
නැමීබියාවට එරෙහිව පාකිස්ථානය ලකුණු 102ක ජයක් ලබා සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබුවද, කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සහ හිටපු ක්‍රීඩකයන් අතර පවතින මෙම අභ්‍යන්තර ගැටුම පාකිස්ථාන ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි කතාබහට ලක්ව තිබේ.














