සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන ‘ආරෝග්‍යා’ ව්‍යාපෘතියෙන් අද (02) සිට ඉවත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර තිබේ. එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා සඳහන් කරන්නේ, වෛද්‍යවරුන් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සඳහා රජයෙන් නිසි ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් මෙම නව වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි. මෙම තීරණයත් සමඟ සංගමය මේ වන විට ක්‍රියාත්මක කර ඇති සමස්ත වෘත්තීය ක්‍රියාමාර්ග සංඛ්‍යාව 8ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙම ව්‍යාපෘතියේ අරමුණ, විනිවිදභාවය සහ සක්‍යතා අධ්‍යයනයන් පිළිබඳව තමන් දැනුවත් කර නොමැති බව පවසන වෛද්‍ය වීරසූරිය මහතා, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බරපතළ ගැටලු පවතින පසුබිමක මෙවැනි ව්‍යාපෘති දියත් කිරීම පිටුපස දේශපාලන අරමුණු පවතින බවට සැක පළ කරයි. නිසි ක්‍රමවේදයකින් තොරව ක්‍රියාත්මක වන මෙවැනි වැඩසටහන් සඳහා සහභාගී නොවන ලෙස සංගමයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති අතර, වෛද්‍යවරුන්ගේ මූලික ගැටලුවලට විසඳුම් ලබා දෙන තෙක් සිය වෘත්තීය අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.















