ලෝකයේ සාගර පද්ධතියට වැඩිම වශයෙන් ප්ලාස්ටික් සහ කසළ බැහැර කරන රටවල් අතර ශ්‍රී ලංකාව මුල් රටවල් 10 අතරට පැමිණ ඇති බව ජාත්‍යන්තර පර්යේෂණ වාර්තා මගින් අනාවරණය වී තිබේ. මෙම තත්ත්වය දිවයිනේ වෙරළබඩ පද්ධතියට සහ සාගර ජීවීන්ට බරපතල තර්ජනයක් වී ඇති බව පරිසරවේදීන් අනතුරු අඟවයි.
විශේෂයෙන්ම දෛනිකව බැහැර කරන පොලිතින් සහ ප්ලාස්ටික් නිසි කළමනාකරණයකින් තොරව ගංගා හා ඇළ මාර්ග හරහා සාගරයට එක්වීම මෙයට ප්‍රධාන හේතුව වී ඇත. සංචාරක කර්මාන්තය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරන මෙම ගැටලුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන් අපවිත්‍ර වීම සහ මත්ස්‍ය සම්පත විනාශ වීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මෙම අර්බුදය පාලනය කිරීම සඳහා රජය විසින් තනි භාවිත ප්ලාස්ටික් තහනම් කිරීම වැනි පියවර ගෙන තිබුණ ද, ජනතාවගේ සහ ව්‍යාපාරික අංශවල සහයෝගය නොමැතිකම හේතුවෙන් ලෝක මට්ටමේ මෙම අහිතකර වාර්තාවෙන් මිදීමට ශ්‍රී ලංකාව තවමත් අපොහොසත් වී ඇත.














