ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ඝාතනය කිරීමට ප්‍රතිචාර ලෙස හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මැදපෙරදිග යුදමය තත්ත්වය තවදුරටත් උග්‍ර වී තිබේ. ඊට ප්‍රතිප්‍රහාර ලෙස ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ බීරූට් අගනුවර වෙත දරුණු බෝම්බ ප්‍රහාර එල්ල කර ඇත.
උතුරු ඊශ්‍රායලයේ හයිෆා (Haifa) නගරය අසල පිහිටි හමුදා කඳවුරකට රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවට හිස්බුල්ලා සංවිධානය අද (02) ප්‍රකාශ කළේය. මෙය පසුගියදා සිදුවූ ඉරාන නායකයාගේ ඝාතනයට එරෙහිව සිදු කළ පළිගැනීමක් බව ඔවුන් පවසයි.
හිස්බුල්ලා ප්‍රහාරයට වහාම ප්‍රතිචාර දැක්වූ ඊශ්‍රායාල ප්‍රහාරක යානා, ලෙබනනයේ බීරූට් අගනුවර පිහිටි ඉලක්ක වෙත ප්‍රබල බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම තත්ත්වය හමුවේ දකුණු ලෙබනනයේ නගර සහ ගම්මාන 53ක වැසියන්ට වහාම නිවෙස්වලින් ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදාව දැනටමත් නියෝග කර තිබේ.















