ඉරානය සහ මැදපෙරදිග කලාපය පුරා ව්‍යාප්ත වෙමින් පවතින දරුණු යුදමය වාතාවරණය හේතුවෙන්, ප්‍රමුඛ පෙළේ සාගර රක්ෂණ සමාගම් වන Skuld සහ Gard සිය යුද අවදානම් රක්ෂණ ආවරණ (War Risk Covers) අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.
මෙම තීරණය අද (02) දින ප්‍රකාශයට පත් කරන ලද අතර, ඒ අනුව මැදපෙරදිග මුහුදු කලාපය හරහා ගමන් ගන්නා නෞකාවන් සඳහා ලබා දී තිබූ රක්ෂණ ආරක්ෂාව අත්හිටුවනු ඇත.
ඉරාන උත්තරීතර නායකයාගේ ඝාතනය සහ ඊට ප්‍රතිචාර ලෙස එල්ල වන මිසයිල ප්‍රහාර හමුවේ පර්සියානු ගල්ෆ් කලාපය තුළ නාවික ගමනාගමනයට එල්ල වී ඇති අධික අවදානම මෙම තීරණයට හේතු වී තිබේ.
මෙම රක්ෂණ ආවරණ අවලංගු කිරීමත් සමඟ ජාත්‍යන්තර වෙළඳාමට සහ තෙල් ප්‍රවාහනයට දැඩි බලපෑමක් එල්ල විය හැකි අතර, නාවික ගාස්තු ඉහළ යාමට ද මෙය හේතුවනු ඇත.
















