මහවිලච්චිය ප්‍රදේශයේ ගම්මාන රැසකට වන අලි කඩා වැදී නිවාස සහ වගාබිම් විනාශ කිරීමේ සිදුවීම් මෑත දිනවල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. අලි වැටවල් අක්‍රිය වීම සහ වනජීවී නිලධාරීන්ගේ හිඟකම හමුවේ අසරණ වී සිටින ගම්වැසියන්, වත්මන් රජයේ අදාළ අමාත්‍යවරුන් වන ලාල් කාන්ත සහ නාමල් කරුණාරත්න යන මහත්වරුන් ඉලක්ක කර ගනිමින් සිය විරෝධය පළ කරනවා. “ඡන්දය ගන්න කොට ආපු නායකයෝ දැන් නැහැ, පුළුවන් නම් ඇවිල්ලා බලන්න අපි රෑට විඳින දුක” යනුවෙන් පවසන ජනතාව, මැති ඇමතිවරුන් වහාම ගමට පැමිණ මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දිය යුතු බවයි අවධාරණය කරන්නේ. අලි ප්‍රහාර හමුවේ ජීවිත අවදානමක් පවතින බැවින් මහවිලච්චිය ජනතාව මේ වන විට දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක පසුවනවා.















