ඉරානය එල්ල කරන ප්‍රහාර හමුවේ කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සතු මිසයිල නාශක පද්ධතිවල පවතින උණ්ඩ (Interceptor Missiles) වේගයෙන් අවසන් වෙමින් පවතින බව වාර්තා වේ. බ්ලූම්බර්ග් පුවත් සේවයට අනුව, පවතින ප්‍රහාරක වේගය හමුවේ කටාර් රාජ්‍යය සතු ‘පේට්‍රියට්’ (Patriot) මිසයිල තොග ඉදිරි දින හතරක් ඇතුළත අවසන් වීමේ දැඩි අවදානමක් මතුව තිබේ.
තත්ත්වය පාලනය කිරීම සඳහා මැදිහත් වන ලෙස කටාර් සහ එමීර් රාජ්‍යය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා ඇති අතර, යුරෝපයෙන් ද නවීන ‘MAMBA’ ආරක්ෂක පද්ධති ඉල්ලා ඇතත් ඒවා සැපයීම අසීරු වී ඇත්තේ එම පද්ධති දැනටමත් යුක්රේනයට ලබා දී ඇති බැවිනි. තම රටට එරෙහිව ඇමරිකානු හමුදාවන්ට ඉඩ ලබා දීම නිසා මෙම ප්‍රහාර එල්ල කරන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අවධාරණය කර ඇති අතර, හෝමූස් සමුද්‍ර සන්ධියේදී තෙල් ප්‍රවාහන නෞකාවකට ද ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී තිබේ.














