හිටපු ජනාධිපතිවරුන් සිය විදේශ සංචාර සඳහා රජයේ මුදල් වැය කළ ආකාරය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් අද (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. විදේශ විනිමය පනත යටතේ පැවති විවාදයකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ පසුගිය පාලකයන් මෙරට විදේශ විනිමය විශාල වශයෙන් “කාබාසිනියා” කර ඇති බවයි. අමාත්‍යවරයා ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව, 2010-2015 කාලයේදී මහින්ද රාජපක්ෂ මහතා රුපියල් කෝටි 357ක් ද, 2015-2019 කාලයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා රුපියල් කෝටි 38ක් ද, 2020-2022 කාලයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා රුපියල් කෝටි 12යි ලක්ෂ 60ක් ද විදේශ සංචාර සඳහා වැය කර ඇත. එසේම රනිල් වික්‍රමසිංහ මහතා සංචාර 16ක් සඳහා රුපියල් කෝටි 53ක් වැය කර ඇති අතර, වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සංචාර 7ක් සඳහා වැය කර ඇත්තේ රුපියල් කෝටි 1යි ලක්ෂ 49ක් පමණක් බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.














