මහ දහවල් ප්‍රධාන මාර්ගයක ස්කූටර් රථයකින් ගමන් කරමින් සිටි 18 හැවිරිදි තරුණියකගේ රන් මාලය සොරා ගැනීමට තැත් කළ යතුරුපැදිකරුවෙකුගේ දර්ශන සීසීටීවී කැමරාවල සටහන් වී තිබේ. අදාළ දර්ශනවලට අනුව, යතුරුපැදිකරුවා විසින් තරුණිය ගමන් කළ ස්කූටර් රථයට බාධා කර ඇයව බිම ඇද දමා රන් මාලය කඩා ගැනීමට උත්සාහ කර ඇත.
ප්‍රහාරයෙන් බිම ඇද වැටුණු තරුණිය විසින් උදව් ඉල්ලා කෑගැසීමත් සමඟ, අවට පදිංචිකරුවන් වහා ක්‍රියාත්මක වී සැකකරු පලා යාමට නොදී කොටු කර ගැනීමට සමත් වී තිබේ. ප්‍රදේශවාසීන්ගේ සාමූහික මැදිහත්වීම මත සැකකරු පලා යාම වළක්වා ඇති අතර, පසුව ඔහු පොලිස් භාරයට පත් කිරීමට පියවර ගෙන ඇත.














