කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (10) දිනය තුළ ඉතා ඉහළ අගයකින් වර්ධනය වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 474.38ක හෙවත් 2.17%ක කැපී පෙනෙන ඉහළ යාමක් සනිටුහන් කළා. ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,378.52ක් ලෙස සටහන් වූ අතර වෙළෙඳපොළේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.5ක් ලෙස වාර්තා වුණා. ආර්ථිකයේ පවතින සුබවාදී ප්‍රවණතා සමඟ ආයෝජකයින් සක්‍රීයව ගනුදෙනු කිරීම මෙම දර්ශකයේ ඉහළ යාමට ප්‍රධානතම හේතුව ලෙසයි සැලකෙන්නේ.














