• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගල් අඟුරු පාඩුව පියවා ගන්න ජනතාව පිට තෙල් බර පටවනවා

නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි

10 March 2026
in දේශීය, පුවත්
ගල් අඟුරු පාඩුව පියවා ගන්න ජනතාව පිට තෙල් බර පටවනවා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රටේ දින 45කට ප්‍රමාණවත් තෙල් සංචිත පවතින බවට ජනාධිපතිවරයා සහ විෂයභාර අමාත්‍යවරයා සහතික වී තිබියදී හදිසියේම තෙල් මිල ඉහළ දැමීම පිටුපස බරපතල අක්‍රමිකතාවක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. අද (10) නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ, ලෝක වෙළඳපොළේ මිල ගණන් අනුව මිල වැඩි කළ බව ආණ්ඩුව පැවසුවද, මිල වැඩි කර පැය 24ක් යන්නටත් මත්තෙන් ලෝක වෙළඳපොළේ මිල පහත වැටී ඇති බවයි. ගල් අඟුරු ටෙන්ඩරය හිතාමතාම ප්‍රමාද කර බාල ගල් අඟුරු ගෙන්වීම හරහා සිදුවූ මහා පරිමාණ වංචාවේ පාඩුව පියවා ගැනීමට ආණ්ඩුව මෙලෙස තෙල් මිල ඉහළ දමා ජනතාව පීඩාවට පත් කරන බවට ඔහු සාධාරණ සැකයක් පළ කළේය.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ඇතිවිය හැකි ආහාර සහ බලශක්ති අර්බුදයට මුහුණ දීම සඳහා ආණ්ඩුව සතුව විධිමත් කෙටි හෝ මධ්‍යකාලීන වැඩපිළිවෙළක් නොමැති බව මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය. එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් පවා මෙවැනි ලෝක තත්ත්වයන් හමුවේ පෙර සූදානමක සිටියදී, ශ්‍රී ලංකා රජය මැයි දින රැලි පිළිබඳව පමණක් අවධානය යොමු කරමින් සිටින බව ඔහු පැවසීය. විශේෂයෙන්ම වී අස්වනු නෙළන මෙම කාලසීමාව තුළ වී සඳහා සාධාරණ මිලක් ලබා දීමට හෝ ගොවීන්ට අවශ්‍ය පොහොර ලබා දීමට රජය අපොහොසත් වී ඇති බවත්, ඒ වෙනුවට සහල් සහ එළවළු පිටරටින් ගෙන්වීමට උත්සාහ කරන බවත් ඔහු චෝදනා කළේය.
එසේම, විදේශ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සහ භාෂා භාවිතය පිළිබඳවද අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, ජාත්‍යන්තර මාධ්‍ය හමුවේදී ප්‍රශ්න තේරුම් ගැනීමට අපොහොසත් වන්නේ නම් පරිවර්තකයෙකුගේ සහාය ලබා ගැනීම වඩාත් සුදුසු බවයි. ලක්ෂ්මන් කදිරගාමර් වැනි අමාත්‍යවරුන් රට වෙනුවෙන් කළ සේවය සිහිපත් කළ ඔහු, ජනාධිපතිවරයා විසින්ම “පාපිසි” ලෙස හඳුන්වන පුද්ගලයන් කැබිනට් මණ්ඩලයට පත් කිරීමේ ප්‍රතිඵල අද රටම විඳවමින් සිටින බව ද පැවසීය. මැයි දින සැමරුම් පිළිබඳ සිතීමට පෙර ජනතාවට අත්‍යවශ්‍ය ආහාර පාන සහ සේවා අඛණ්ඩව ලබා දීමේ ක්‍රමවේදයක් සැකසීමට ජනාධිපතිවරයා වහාම පියවර ගත යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 1
Previous Post

රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව කිරි නිෂ්පාදනයේ 60%ක හිඩැස පියවීමට සූදානම්

Next Post

Her Glow හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් වෙතින් ලෝක කාන්තා දිනය වෙනුවෙන් විශේෂ සැමරුමක්

Editor TTV News

Editor TTV News

Next Post
Her Glow හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් වෙතින් ලෝක කාන්තා දිනය වෙනුවෙන් විශේෂ සැමරුමක්

Her Glow හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් වෙතින් ලෝක කාන්තා දිනය වෙනුවෙන් විශේෂ සැමරුමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය කිලෝ 600කට අධික තොගයක් සහ ගිනිඅවි හමුවෙයි

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය කිලෝ 600කට අධික තොගයක් සහ ගිනිඅවි හමුවෙයි

10 March 2026
ශ්‍රී ලංකාව අසලදී ගිල්වා දැමූ ‘IRIS Dena’ යුද නෞකාවේ මියගිය නාවිකයන්ගේ සිරුරු ඉරානයට ගෙන යයි

ශ්‍රී ලංකාව අසලදී ගිල්වා දැමූ ‘IRIS Dena’ යුද නෞකාවේ මියගිය නාවිකයන්ගේ සිරුරු ඉරානයට ගෙන යයි

10 March 2026
ඉරාන ඉතිහාසයේ දරුණුම ප්‍රහාරය අද

ඉරාන ඉතිහාසයේ දරුණුම ප්‍රහාරය අද

10 March 2026
𝕏 Money මීළඟ මාසයේ සිට

𝕏 Money මීළඟ මාසයේ සිට

10 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය කිලෝ 600කට අධික තොගයක් සහ ගිනිඅවි හමුවෙයි

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය කිලෝ 600කට අධික තොගයක් සහ ගිනිඅවි හමුවෙයි

10 March 2026
ශ්‍රී ලංකාව අසලදී ගිල්වා දැමූ ‘IRIS Dena’ යුද නෞකාවේ මියගිය නාවිකයන්ගේ සිරුරු ඉරානයට ගෙන යයි

ශ්‍රී ලංකාව අසලදී ගිල්වා දැමූ ‘IRIS Dena’ යුද නෞකාවේ මියගිය නාවිකයන්ගේ සිරුරු ඉරානයට ගෙන යයි

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved