හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් (Home Lands Skyline) පෞද්ගලික සමාගම විසින් මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් “Her Glow” නමින් සංවිධානය කළ සුවිශේෂී සන්ධ්‍යා සාදයක් කොළඹ Cinnamon Life හි පිහිටි The Gatz හිදී ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වා තිබේ. හෝම් ලෑන්ඩ්ස් ආයතනයේ සාර්ථකත්වය පසුපස සිටින සුවිශේෂී කාන්තාවන්ගේ කැපවීම අගය කිරීම සහ ඔවුන් අතර සුහදතාවය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම සුන්දර සැඳෑව සංවිධානය කර තිබූ බව එම ආයතනය සිය නිල ෆේස්බුක් පිටුව හරහා සඳහන් කරයි.
සතුට, සහසම්බන්ධතාවය සහ අගය කිරීම් මධ්‍යයේ පැවැති මෙම “Sundown Cocktail” සැමරුම සඳහා ආයතනයේ සේවිකාවන් රැසක් සහභාගී වී සිටි අතර, ඔවුන්ගේ සතුටුබර අවස්ථාවන් දැක්වෙන ඡායාරූප 100කට අධික ප්‍රමාණයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමට ද හෝම් ලෑන්ඩ්ස් කළමනාකාරිත්වය පියවර ගෙන තිබේ. මෙවැනි වැඩසටහන් හරහා කාන්තා සවිබල ගැන්වීම සහ වෘත්තීය මට්ටමින් ඔවුන් දිරිමත් කිරීම සිය සමාගමේ ප්‍රධාන අරමුණක් බව හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් ආයතනය වැඩිදුරටත් අවධාරණය කරයි.
– – දර්ශන සහ පුවත් උපුටා ගැනීම: Home Lands Skyline (Facebook Official)














