වැල්ලවාය පොලිස් වසමේ කම්මලක් මුවාවෙන් නීතිවිරෝධී ගිනි අවි නිෂ්පාදනය කළ 61 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (10) පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වැල්ලවාය, නුගේයාය ප්‍රදේශයේ පිහිටි කම්හලක සිදුකළ මෙම වැටලීමේදී මෙරට නිෂ්පාදිත ෂොට්ගන් එකක්, ටී කටස් වර්ගයේ ගිනි අවි දෙකක්, ජීව උණ්ඩ 12ක් සහ නැවත පුරවන ලද උණ්ඩ 07ක් ඇතුළු ගිනි අවි නිෂ්පාදනයට යොදාගන්නා උපකරණ රැසක් සොයාගෙන ඇත. සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු විසින් නිෂ්පාදනය කරන ලද ගිනි අවි විවිධ පුද්ගලයන් වෙත අලෙවි කර ඇති බවට කරුණු අනාවරණය වී ඇති අතර, මේ සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
















